lan englan tam

පුවත්

Room no.106 රූපගතකිරීම් ඇරඹේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුනෙත් මාලිංග ලොකුහේවා සමග ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර තිර රචනාව

සැන්ඩෝ හැරිස්ගේ පුත් ශාක්‍ය පීරිස්ගේ පළමු චිත්‍රපටය

මෙරට මෑත කාලීනව සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමින් , ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සුරංග ද අල්විස් නිර්මාණය කරනු ලබන Room no.106 චිත්‍රපටයේ රූපගතකිරීම් මේ දිනවල සිදුවෙමින් පවතී.

මෙය අධ්‍යක්ෂවරයාගේ හයවන නිර්මාණයයි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපොලක් වන සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර විසින් මෙහි තිර පිටපත ලියනු ලැබ ඇත.
බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, කළණ ගුණසේකර, දමිතා අබේරත්න, ඩිෂ්නි රාජපක්ෂ, නයෝමි තක්ෂිලා, ප්‍රියන්ත සිරිකුමාර, අමිත්ත වීරසිංහ සහ ගීතිකා රාජපක්ෂ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය දක්වා ඇත.

නැසීගිය සැන්ඩෝ හැරිස් රංගන ශිල්පියාගේ පුත් ශාක්‍ය හැරිස් මේ තුළින් සිනමාවට එක්වීමද සිදු වේ. මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් හා සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අරුණ ශ්‍රී, සංගීත අධ්‍යක්ෂණයෙන් සංක දිනෙත්, සහය අධ්‍යක්ෂණයෙන් නිරුක්ෂාන් ඒකනායක, නිෂ්පාදන කළමණාකරණයෙන් ලක්රුවන් ලොකුහපුආරච්චි එක්වී ඇති Room no.106 තුළින් ප්‍රවීණ සංගීතවේදී සංක දිනෙත් චිත්‍රපට නිෂ්පාදනය සඳහා එක්වන අතර ප්‍රවීන් ජයරත්න, ජීවන්ත කල්දේරා, පබෝදිනී ජයකොඩි සහ ඉෂානි සෙනෙවිරත්න සෙසු නිෂ්පාදන කන්ඩායම වේ.
මෙය සංගීතා චිත්‍රපට සමාගමේ ඉදිරිපත් කිරීමකි.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News