lan englan tam

පුවත්

'සාහිත්‍ය කන්නද?' අසන අයට සුරංගගෙන් මගපෙන්වීමක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුරංග සේනානායක යනු සිරස රූපවාහිනී නාලිකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

මෑතකදී සාහිත්‍ය, කලා විෂයන්හි වැදගත්කම පිළිබඳව සංවාදයක් ඇති වී තියෙන මොහොතක සාහිත්‍ය නොවැදගත් බව පවසන අයට ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් මෙවන් අදහසක් ප්‍රකාශ කර තිබුණේ සිබිල් වෙත්තසිංහයන්ගේ 'උඩ ගිය බබා' කෘතිය උදාහරණයට ගනිමිනි.

සාහිත්ය කන්නද...?

අහන අයට දෙන්න තියෙන සරලම උත්තරය තමයි නෑ....
සාහිත්යයට පුළුවන් නොකන අයට කවන්න....
සාහිත්ය කන්නද...? වගේ මුග්ධ අදහස් දරන පිංගුත්තරයන්ට මම නිර්දේශ කරන්නේ සිබිල් වෙත්තසිංහ නැන්දගේ " උඩගිය බබා " ළමා කතා පොත් පිංච කියවන්න කියලා...
( ගෙදර පුස්තකාල හදාගෙන පොත් එකතු කරාට වැඩක් නෑ.... ඒවා කියවන්නේ නැත්නම්. කියවලා ඉවර වෙලා පොත් එකතු කරන්න. එකතු කරපු පොත් නැවත නැවත කියවන්න. ගෙදර පුස්තකාලයක් තියෙන්නම ඕන නෑ පොත් කියවන්න. පුස්තකාලයට ගිහින් කියවන්නත් පුළුවන් ඒකට කියන්නේ පුස්තකාලය පරිශීලනය කරනවා කියලා... සාහිත්ය පරිශීලනය කරනවා කියන්නේ කියවනවට ම විතරක් නෙවෙයි කියවලා විඳිනවාට... විඳලා, තේරුම් ගන්නවට....)
In a Language You Understand...👇
" Literature is more than just entertainment or a way to pass the time. It can shape our perspectives, challenge our beliefs, and inspire us to brood over the world. Literature is a valuable tool for developing critical thinking skills, empathy, and creativity in education. This post will explore why literature matters and how it can benefit students of all ages."
 

සුරංග සේනානායක

Back to top
Go to bottom

Popular News