lan englan tam

පුවත්

විෂ්ණුගේ රස්තියාදු මතක සංචිතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
මං තරං හොඳ රස්තියාදුකාරයෙක් මේ ලෝක ධාතුවේම ඉන්නවාදැයි මට සැකයි. මට තවම හැට දෙකයි. ඒ වුනාට අපේ අප්පාගේ ඩොලර් සංචිතයට පින් අනුමෝදනා වෙන්ට, මං මේ වෙනකොට රටවල් හැට හතරකට කඩප්පුලිකමේ ගිහිං තියෙනවා. ඒ සෑම ගමනකදිම වාගේ, තරැ පංතියේ හෝටලයක නතර වීමේ වාසනා ගුණයෙන් ආඩ්ය වුනත්, මං ප්රිය කළේ ගුබ්බෑයම් වල ලගින්ට. දරැවන්ගේ නහහෙන් බේරෙන හොටු සුවඳ දැනෙන්නේත්, අම්මලාගේ තන්වල එල්ලුනු පොඩ්ඩෝ බස බස ගාලා කිරි උරන සද්දේ ඇහෙන්නේත්, පිරිමින්ගේ පපුවේ රෝමකූප වලින් කසිප්පු රැස් විහිදෙනවා දකින්න පුළුවන්නේත් එහෙම තැන්වල විතරයි. කොටින්ම කිව්වොත් මිනිස්සු හුස්ම ගන්නවා ඇහෙන්නේ ඒ ගුබ්බෑයංවල විතරමයි.

වියපත් මම, තව වැඩි කාලයක් ජීවත් නොවෙන නිසා, වෙලාවකට මට හිතෙනවා ඒ කථා එකතු කරලා පිටු සීයක හමාරක පොඩි පොතක් ලියන්ට. ඒ වුනාට මට සැකයි, ඒ කථා කියෙව්වට ඔබට යහපතක් වෙයිද කියලා. මගෙ ඔළුවත් හරියටම රැසියාවේ දේසගුනේ වගෙ අනේ. බලාගෙන ඉන්දැද්දි වෙනස් වෙනවා. ලියනවද නැද්ද. හැබෑට නොලියා ඉන්න එකත් එක්තරා පාපයක් වාගේ මට හැඟෙනවා. මට මුලිච්චි වෙච්ච ඇතැම් චරිත ලෝක චින්තනය වෙනස් කරන්නට මුල් වෙච්ච අය නිසා ඒවා ලියා නොතබන එකත් නරකයි.

බල්ලෙක්ට වාගේ ගාන්ධි ව වෙඩි තියලා මරාපු, නතුරාම් ගොඩ්සේ ගේ සහෝදරයා ගෝපාල් ගොඩ්සේ, (ඒ විත්තිය මගේ අප්පා දන්නවානං වලෙන් නැගිටලා ඇවිත් බෙල්ල මිරිකන්නේ) පණ්ඩිත් රවී ශංකර්, සර්බියාවේ මිනීමරැ පාලක ස්ලොබොඩාන් මෙලොසවිච් ව බලයෙන් පහකරන්න නායකත්වය දුන් තරැණයා සර්ජා පොපොවිච්, නෙල්සන් මැන්ඩෙලා උත්තමයා සමග සිරගතවූ අහමඩ් කතර්දා විරැවා, අතිපූජ්ය දලයි ලාමා ස්වාමීන් වහන්සේ. ඔය නම් කිහිපයක් විතරයි. ඔහොම ලියනවානං ඉතිං ලැයිස්තුව දිගයි.
මේ දවස්වල ලියන, හිතුනම පළකරන කථා සමුච්ඡය ඉන්දියාවට පමණක් ලඝු කරන්න එපා කියලා තමයි කට්ටිය කියන්නේ. ලියනවානං ලෝක රස්තියාදු මතකය ලියපං නැත්තං නොලියපං වාගේ අදහසක් තමයි ඒ ගොල්ලංට තියෙන්නේ. මගේ බාල මොළේට ඔය කොයි අදහසත් යෝජනාවත් බර වැඩියි අනේ.
වෙලාවකට මට හිතෙනවා ඕනේ පුකක් ප්රීති වෙසක් කියලා ලියලා දාන්ට. ඒ වුනාට කියවන නුවණට මේ පොත ගෝචර වෙයිද නැද්ද කියලා පොඩි සැකයක් නැතිවත් නෙවෙයි. මා වැනි අග්රගන්ය නොවන නිළියකට එවැනි සිතුවිලි පහල වීම සාධාරණයි නේද.
ජීවිතේ සුන්දරයි මොකුත් ම නොකර නිකං ඉන්න කොටත්. මං දැන් ඉන්නෙත් එහෙමයි. මං ඉන්න ආසමත් එහෙමයි. හැබැයි බොරැ නැතිව ලියන්ටත් ආසයි. ආසයි බයයි. මල සමයං.
 
විෂ්ණු වාසු
Back to top
Go to bottom

Popular News