lan englan tam

පුවත්

ක්ලීටස් වගේ නළුවෙකු විය යුත්තේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් ඊයේ (17) සිය 75 වන උපන්දිනය සැමරීය.

ඒ වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහ සටහනක් තබා තිබුණේ ක්ලීටස් මෙන්ඩිස් වැනි නළුවෙකු වීමේ වටිනාකමට හේතුද දක්වමිනි.

ක්ලිටස් අයිය හෝර්ක් බයික් එකේ ඇවිත් නිල්පනාගොඩ කාලතුවක්කු (කාලතුවක්කු හදල තිබුන නිසා අපි පොඩි කාලේ එහෙට කිව්වේ කාලතුවක්කු ගෙදර කියල) ගෙදර වීර උදාර චිත්‍රපටය රුපගත.කරද්දි මමයි අයියයි ඉස්කොලේ කට් කරල ශුටින් බලන්න ගියා. අපි දෙන්න හිටියේ කොට කලිසමක් ඇදල ගෙට්ටුවෙන් එලියේ .ක්ලටස් අයිය ලස්සනට අබගහක් යට ඉදගන ඉන්නව ඈතින් අපිට පෙනුන ..ඉට අව්රුදු ගානකට පස්සේ මමයි ක්ලටස් අයියයි ඉන්දියාවට යනව චිත්‍රපටියක රුපගත කිරිමකට ..අපි දෙන්නටම එකම කාමරෙක තමයි නවතින්න වෙන්නේ.කාමරේට අව මෙහොතෙම ක්ලටස් අයිය ඇදුම් ගලවන්නත් ඉස්සර මගේ ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති .මගේ පපුවේ තදින් දැනුන ඒ සිද්දිය ක්ලිටස් අයියගෙන් ඉගන ගත්ත පාඩම් ලියන හදවත් පොතේ අමතක වෙන්නේ නැති අකුරෙන් ලියාගත්ත..බැග් එක ඇරල අදරනීය බිරිදගෙයි පුතාගෙයි ක්ලටස් අයියගෙයි රාමු කරපු ලස්සන පවුල අරගෙන කන්නඩි මේසේ උඩින් තිබ්බ.පවුල ගැන තිබුන ඒ ආදරනීය හැගිම ඒ සුන්දර මනුස්සකම තාත්ත කියන නමේ ගෟව්රවය අයිය හැමදාම රකින විදියට මම මාර ආදරෙයි ඒකමයි මම පොඩි කාලෙ ඉදල ක්ලිටස් අයිය වගේ නලුවෙක් වෙන්න ඔන කියල හිතුවේ.අයිය ගැන ලියන්න කතා ගොඩාක් තියනව අයි⁣යගේන් ඉගන ගත්ත පාඩම් ගොඩාක් තියනව එව්ව මම පුලුවන් තැන්වල කියනව ලියනව අදත් මම කියන්නේ අයිය වගේ ජිවත් වෙන නුලුවෙක් වෙන්න ඔන කියල ..ඔයා තාම කොල්ලෙක් වගේ ඉන්නව මිගමුවේ අපිට මොනතරම් ආඩම් බරයක්ද...ආදරනීය අයියට සුබම සුබ උපන් දිනයක් වේවා අයියේ....ආදරෙයි හැමදාම..❤

Back to top
Go to bottom

Popular News