lan englan tam

පුවත්

සල්ලි නැතිකමට අම්මා කන රෝස්පාන් එක මට දුන්නා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පූර්ණ සම්පත් ද අල්විස් ශ්‍රී ලාංකේය ගී පද රචනා කලාව තුළ කිසිදා නොනිවෙන පහන් දල්වා ගිය ගේය පද රචකයෙකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මාධ්‍යවේදියාගේ පුත්‍රයා වේ.

ජනප්‍රිය පුද්ගලයන්ගේ ළමා කාලය පිළිබඳව කතාබහ කෙරෙන නෙත් එෆ් එම්හි 'මා බාල කාලේ' වැඩසටහනට සහභාගි වෙමින් ඔහු පසුගියදා සිය ළමා කාලය ගැන කරුණු සාකච්ඡා කළ අතර එහිදී පූර්ණ පැවසුවේ "රූපවාහිනී කැන්ටිමේ රස රෝස් පාන් එකකුයි පරිප්පු හොද්දකුයි තියෙනවා. අම්මා මාව ජීවත් කරවන්නේ ගුවන්විදුලියේ පඩියෙන්. දැන් වගේ ඉස්සර සින්දුවල කර්තෘ භාග ගෙවන්නේ නෑ. මගෙ අම්මා කියන්නේ සින්දු කියපු කවුරුත් මගෙ පුතාට පැන්සලක්වත් ගෙනත් දීලා නැහැ. මේක වෛරී ප්‍රකාශයක් නෙවෙයි. නමුත්, එහෙම අම්මා මාව හැදුවේ ගුවන්විදුලියේ හම්බ වෙන සොච්චම් පඩියෙන්. ඉතින්, වැඩ ඉවර වුණාම අම්මයි මායි ගිහිල්ලා ඕක කනවා. ඒක පස්සේ කාලෙක ලොකු වුණාම දැනෙන්න ගත්තේ. අම්මා දවල්ට කන්න දෙන කෑම එක කන්න තරම් ප්‍රියක් නෑ. ඉතින් හවසට බඩගිනි වුණාම මට අම්මා කන රෝස් පාන් එකත් දෙනවා. පස්සේ තමයි දන්නේ ඒ වෙලාවේ අම්මට සල්ලි තිබිලා නෑ, මට අම්මා කන රෝස් පාන් එකත් දෙනවා. ඉතින් ඇය ඒ තරම් කැපකිරීම් කරලා තියෙනවා." යනුවෙනි.

Back to top
Go to bottom

Popular News