lan englan tam

පුවත්

ගුරු ගීතය Troll විය යුතුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
පහුගිය අවුරුදු කීපය තුළ පොත් කියවන සමූහයන්හිත්, ඒවයෙන් බැහැරදිත් ගුරු ගීතය අඩු වැඩි වශයෙන් troll වෙනවා අපි දකිනවා.
හැබැයි මේ වැඩේ කලේ පොත් කියවන්නොමයි.
හුඟක් වෙලාවට එයාලත් කියවීමට අත්පොත් තබපු මුල් කෘති අතර ගුරු ගීතය තියනවා.
එහෙමනම් පොත් වලට වගේම කියවීමටත් ලැදි පොත් ගුල්ලො ය කියල අන්වර්ථ ව්යවහාරයෙදි හැඳින්වෙන අය අතින්ම ගුරු ගීතය අවතක්සේරු වෙමින් දිගින් දිගටම ගර්හාවට පත් වුනේ සහ තවමත් වෙන්නෙ ඇයි ?
ඒකට හේතු වුනු මූලිකම කාරණය වුනෙ,පොත් කියවන්නන්ගෙ සමූහ වල නිරන්තරයෙන්ම පළවෙන පෝස්ට් එකක්.
"ඔබ කියවූ හොඳම පරිවර්තනය හෝ පොත කුමක්ද "
"ජීවිත කාලය තුළදී කෙනෙකුට අනිවාර්යයෙන්ම කියවිය යුතුයැයි ඔබ යෝජනා කරන පොත මොකද්ද"
මෙන්න මේ ජාතියෙ පෝස්ට් වලට අදාළව කමෙන්ට් තීරුවෙ වැඩිපුරම ලියවිලා තිබුනු වචන දෙක වුනේ , ගුරු ගීතය.
හැබැයි අර මුලින්ම කියපු ජාතියෙ පොත් ගුල්ලන්ට මේක නිතරම පේන්න ගත්තම එයාලට ඕක කාගෙන ඉන්න බැරි තත්ත්වයකට පත්වුනා.
එයාලා විරෝධය දක්වන්න පටන්ගත්තා.
"ගුරු ගීතය කියන්නෙ ඔය කියන තරම් හොඳ පොතක් නෙවෙයි.
ඊට වඩා හොඳ පොත් ලෝක සාහිත්යයයෙ විතරක් නෙවෙයි රුසියානු සාහිත්යයයෙත් අනන්තවත් තියනවා.
අඩුම තරමෙ අයිත්මාතව්ගෙම තවත් පොත් තියනව ගුරු ගීතයට වඩා හොඳ"
මේ ආකාරයට එයාල දක්වපු හැම කරුණක්ම,හැම තර්කයක්ම ඇත්ත.
හොඳම පොත විදිහට ගුරු ගීතය රෙකමදාරු කිරීම සහ මේ අන්දමින් විරෝධයට ලක්වීම දිගටම සිද්ද වුනා සහ අදටත් වෙනවා.
නමුත් ගුරු ගීතය හොඳම පොත කියනවට විරෝධය දක්වමින් troll කිරීමක් දක්වාම අරන් ආපු පොත් ගුල්ලන්ට "ඒක එහෙම වුනේ ඇයි ?" කියන එක ගැන තේරුම් ගත නොහැකි වුනු සරල යතාර්ථයක් තියනවා,ඒ යතාර්ථය හැමදාම තිබුනා.
ඒ කාරණා නිසා තමයි මේ පොත සදහටම ලංකාව ඇතුළෙ ජනප්රිය.
1.පළවෙනිම හේතුව තමයි, මේ පොතේ ප්රමාණය, පොතේ මතුපිට දිග පළල පොඩියි වගේම පිටු ගණනත් අඩුයි.
ඒ කියන්නෙ පොත් නොකියවන කෙනෙකුට වුනත් කියවන්න හිතෙන ජාතියෙ දෘෂ්යමය පෙනුමක්.
ඒ කියන්නෙ පොත කියවෙන පාඨකයො ප්රමාණය වැඩියි.
2.පොතේ මිල. පොත් ගැනීමේ අදහසින් තොරව සාප්පුවක රවුමක් ගහන්න,පොත් රාක්ක රස්තියාදුවක යන කෙනෙකුට රුපියල් එකසිය ගාණකට පොත මිලදී ගැනීමේ හැකියාව මේ ආර්ථික අර්බුදය වෙනතුරුම තිබුනා.අදටත් පොත රුපියල් දෙසිය ⁣ගාණක් වගේ වෙනව ඇත්තෙ.
කට වචනෙට කියනව වගේ "කඩේකට ගිහින් මොනවහරි කාලා තේ එකක් බොන්නත් මදි" විදිහෙ ගාණක්. ඉතිං පොත මිලට ගන්න සහ ගත්ත පාරිභෝගිකයො ප්රමාණය වැඩියි.අදටත් නැවත නැවත මුද්රණ පිටවෙන,පොත් ප්රකාශනයෙ සහ අලෙවියෙ ඉන්න අය ගොඩ දාපු Best selling ⁣පොතක්.
3.දැදිගම වී.රුද්රිගු ගෙ අනුවාදයෙ තියන ආකර්ශනීය බස් වහර.
4.ලංකාව වගේ, ගුරුවරුන්ව දේවත්වයෙ ලා සලකන,ගුරු වන්දනීය සමාජ සංස්කෘතියක "ගුරු ගීතය" නමම ආගමික පූජනීය පුස්තකයක් වගේ .ගුරුවරු අතින් වගේම ශිෂ්යයො අතිනුත් නොකියූ අයට යෝජනා කෙරවෙන පොතක්.පාසල් පුස්තකා⁣ලයෙ අනිවාර්යයෙන්ම ගුරු ගීතය තිබිය යුතුයි කියල ගුරුවරු හිතන පොතක්.
5.රුසියානු දේශපාලනය හා සෝවියට් සමාජවාදයට හිතවාදී දේශපාලන ක්රියාකාරී ව්යාපාර විසින් ප්රොපගැන්ඩාමය වශයෙන් ශ්රී ලංකාවෙ ප්රචලිත කරපු පොතක් වීම.
ඔය කාරණා ටික තේරුම් ගන්න පුළුවන් නම් ගුරු ගීතය Troll කරන එකේ කිසි තේරුමක් නෑ කියන එකත් කෙනෙකුට අවබෝධ වෙන්න පුළුවන්.
මේ ජනප්රියත්වයෙ බලපෑම කොච්චරද කියනවනම් මේ වෙනකොට ගුරු ගීතයෙන් සිංහල චිත්රපටියක් සහ වේදිකා නාට්යයකුත් හැදිලා ඉවරයි.
කියවපු හොඳම රුසියානු සාහිත්ය කෘති පහ දහය අතර නොවුනත් "ගුරු ගීතය" කියන්නෙ මාත් කැමති පොතක්.
 
නිරෝෂ් ගුණසේකර
Back to top
Go to bottom

Popular News