lan englan tam

පුවත්

ජනපති ජය තහවුරු කෙරෙන ගීයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පසුගියදා (17) අනුරාධපුරයේ පැවති මංගල ජන රැළියේදී අලුත් ගීතයක් එළිදක්වනු ලැබ තිබේ.

එම ගීතයට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇත. රනිල් වික්‍රමසිංහගේ සේවය තව දුරටත් රටට ලබා ගැනීම මේ මොහොතේ පුරවැසියන්ගේ වගකීම බව, පෙනෙන්නන්ට තරම් ෆෝකස් විය යුතුයැයි පුරවැසියන්ට තරයේ යෝජනා කර සිටින 'ෆෝකස් ගෲප්' විසින් මෙම ගීතය නිර්මාණය කරනු ලැබ තිබේ.
ඒ ගීතය ගායනා කරන්නේ මින් පෙර බොහෝ පිරිසකගේ ආදරයට පාත්‍ර වූ 'අරගලයේ ගීතය' බවට ප්‍රචලිත 'අපි සීරුවෙන් ගීතය' ගායනා කළ යොවුන් පරපුරේ ගායිකාවක වන එරන්දි මදූෂිකා විසිනි.
'අපි සීරුවෙන් ගීතය' පළමු වරට එළිදක්වනු ලැබූවේ දිවංගත අමාත්‍ය මංගල සමරවීර විසින් ජාතික සංහිඳියා තරුණ වැඩටහනක් (Youth Vote Force) වෙනුවෙනි. ඒ, 2019 වසරේදී ඔක්තෝම්බර් 27 වැනිදාය.

Focus රනිල් ගීතයේ පද....

එක අරමුණක් හඹා
අපි යමු පෙර මගක් අඹා
වැටි වැටි නැගී පසුනොබා
යමු යමු වී නොපමා හිසේ තබා

හිස්වල හිත්වල අරගලයේ
අත්වල කරගැට මිස නැත ලේ
ඇස්වල දැල්වෙන ගිනි සිළුවෙන්
අඳුරට සාප නොකර දිලිසෙන්

මා හැදු වැඩු මව්බිම දිනනවා
ඒ දාට මා ලොවම දිනනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

වස් සිතුවැල් සිත් විස කෙරු ඒ
දොස් මැසිවිලි කවදද දිනුවේ
නොපෙනෙන බලවේගෙකින් දිනූ ජාතින් නැත
ඇත යෙහෙන් තැනූ

මේ දැයට මගේ ණය ගෙවෙනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මා හැදු වැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

මා හැදුවැඩු මව්බිම දිනනවා
මේ දැයට මගේ ණය ගෙවෙනවා

Back to top
Go to bottom

Popular News