lan englan tam

පුවත්

'සලංගෙයි ඔලි' සහ තිලක් සේනසිංහගේ සංවේදී මතකය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සලංගෙයි ඔලි' යනු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වූ දෙමළ චිත්‍රපටයකි. 'සාගර සංගමම්' යනු 1983දී තෙලිඟු භාෂා නර්තන චිත්‍රපටයක් ලෙස නිකුත් කෙරුණු චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයේ අනුවාදනය වන්නේ 'සලංගෙයි ඔලි' වේ. කමල් හසන්, ජය ප්‍රදා, සරත් බාබු, එස්. පී. ශෛලජා යනාදීන් රංගනයෙන් දායක වන අතර බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයකි.

ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනසිංහ 'රැජින' පුවත්පතේ අඛණ්ඩව දශක ගණනක් කර්තෘත්වය දැරූ අතර මෙම 'සලංගෙයි ඔලි' චිත්‍රපටය හා බැඳුණු ඔහුගේ මතකය මාධ්‍යවේදිනී ඉන්දු පෙරේරා විසින් The Leaderහි සටහන් කරනු ලබයි.
'තිලක මතක' ලෙස රචනා කරනු ලබන මෙම කතා මාලාවේ 14 වැනි පරිච්ඡේදයෙහි මෙම 'සලංගෙයි ඔලි' චිත්‍රපටය හා බැඳුණු සංවේදී සිදුවීම් ඇතුළත් වේ.

"...ඔහු දැන සිටි අන්දමට ඊළඟට එම ආයතනයට සම්බන්ධ එකම දෙමළ ජාතිකයා වූයේ වේළු ය. ඉඳහිට දිනයක කපනු ලබන අතනින් මෙතනින් සුදු වූ රැවුලකින් යුතු කාල වර්ණ සිරුරකට උරුමකම් කී වේළු ගේ වයස ඒ වන විට අවුරුදු පනහක් පමණ වන්නට ඇත. දිනපතා උදේ සහ සවස පමණක් එම ආයතනයට පැමිණි නිසා දිවා කාලයට වේළු පෙනෙන්නට සිටියේ නැත.

අනෙක් කිසිවෙකුටත් වඩා වේළු ගේ හැසිරීමෙහි සුවිශේෂත්වයක් තිබිණි. ආයතනයේ කොරිඩෝ දිගේ ඔහු ගමන් කරනුයේ අයිනක් අල්ලා ගත්වනම ය. යමකු ඔහුගේ මුහුණ දෙස බැලූ සැණින් මුහුණ ඉවතට ගෙන සඟවා ගන්නා පුරුද්දක් ද වේළු තුළ විය. වැසිකිලිය පිරිසිදු කරමින් සිටින තරේ වුව ඊට කිසියම් කෙනෙකු පිවිසියහොත් දඩස් ගා පැත්තකට වීම වේළුගේ සිරිත ය. මේ සියල්ලට වඩා තිලක්, වේළු කෙරෙන් දුටු විශේෂත්වය වූයේ පෙරවරු හතට අටට පවා ඔහුගේ මුවින් දැඩි මත්පැන් දුගඳක් වහනය වීම ය.

"වේළු සලංගෙයි ඔලි බැලුවද? "

දිනක් කාර්යාල කටයුතු ඇරඹීමට පෙර වැසිකිලියට ගිය තිලක් එහි පවිත්‍රතා කටයුතුවල යෙදෙමින් සිටි වේළුගෙන් ඇසීය .

විදුලි සැරයක් වැදුණු කලෙක මෙන් එම පැනයෙන් තිගැස්සුණු වේළු පිළිතුරක් දීම වෙනුවට එක්වරම තිලක් ගේ මුහුණ දෙස ඍජුව මොහොතක් බලා ක්ෂණයෙන් සුපුරුදු පරිදි ඉවත හැරිණි. ඔහුගේ බැල්මෙහි වූයේ අති මහත් විස්මයානුකූල බවකි.

"බැලුවද?’‘ තිලක් යළි සුහද ලෙසින් ඇසුවේ තම පැනයෙන් වේළු වික්ෂිප්ත බවකට පත්ව ඇති බව වටහා ගත් නිසා ය.

’‘දෙසැරයක් බැලුවා මාතියා” ඇසෙන නොඇසෙන ගාණට වේළු දුන් ඒ පිළිතුරෙන් තිලක් ට දැනුණේ අප්‍රමාණ සතුටකි.

"වේළුට ඒකේ කමල් හසන් කියන ඒවා තේරෙනවද?” තිලක් එසැණින් ඇසීය.

"ඔව් මාත්තියා” එවර වේළු තම දුර්වර්ණ දසන් පා සිනාසෙන අතරේ පැවසීය. එහෙත් ඒ මොහොතේ ද ඔහු තුළ යම් තැති ගැන්මක් ඇති වගක් තිලක්ට පෙනිණ.

ම්එහෙත්, ඉන්පසුව සලංගෙයි ඔලි සිනමා කෘතිය සම්බන්ධයෙන් වේළුගෙන් කළ විමසීම්වල දී ඔහු දුන් පිළිතුරු අදහා ගත නොහැකි වූයේ ඔහු එම සිනමා කෘතිය සම්බන්ධ බොහෝ බාහිර කරුණු පවා කියවා දැනුවත් ව සිටි බැවිනි. වේළු කී පරිදි එය "සාගර සංගමම්" යනුවෙන් මලයාලම් බසින් ද ඉන්දියාවේ තිරගත ව ඇති අතර එරට අතිමහත් ජනප්‍රියත්වයක් දිනා ගෙන තිබූ චිත්‍රපටයකි.

සලංගෙයි ඔලි නිසාම තිලක් සහ වේළු අතර ඇති වූයේ අපූරු පයුරු පාසානයකි. එනිසාම තිලක් මේ මිත්‍රත්වය ඇතිවී තුන්වන හෝ හතරවන දිනයේ දී වේළුගෙන් මෙලෙස ඇසීය .

" වේළු මට ඔය සලංගෙයි ඔලි සම්පූර්ණ කතාව දැන ගන්න ඕනේ. වේළුට බැරිද මට පොඩි උදව්වක් කරන්න'

“මොකක්ද මාතියා?” වේළු අසා හිඳින ලද්දේ විස්මයෙන් යුතු දෙනෙතිනි.

“දවසක වේළු එනවද මගෙත් එක්ක ඔය ෆිල්ම් එක බලන්න යන්න. එතකොට ඒ අතරේ මට පුළුවන්නේ ෆිල්ම් එකේ නළු නිළියෝ කියන්නේ මොනවද කියලා වේළුගෙන් හෙමිහිට අහගන්න”...."


එම සම්පූර්ණ පරිච්ඡේදය පහත සබැඳිය ඔස්සේ පරිශීලනය කළ හැකිය.

https://theleader.lk/featured/25819-14-3

 

Back to top
Go to bottom

Popular News