lan englan tam

පුවත්

විජය සිනමාවට ගෙනා සුගතපාල සෙනරත් යාපා සමු ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා වයස අවුරුදු 89ක් සපුරමින් අභාවප්‍රාප්ත විය.

රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුවේ සේවය කළ සුගතපාල සෙනරත් යාපා එහි සිටියදී නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කළ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටයට 1962 චසරෙ ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රජතමයුර සම්මානය දිනා ගැනීමට හැකි විය.
'හන්තානේ කතාව' චිත්‍රපටයෙන් සිනමා ලෝලීන්ගේ නොමද ආකර්ෂණය දිනා ගත් විජය කුමාරණතුංග සිංහල සිනමාවට හඳුන්වා දීමේ ගෞරවයද ඔහුට හිමි වේ.‍
එම චිත්‍රපටයෙන් වෘත්තාන්ත සිනමාකරණයට පිවිසි සුගතපාල සෙනරත් යාපා ඉන් පසු 'පෙම්බර මධු', 'ඉන්දුට මල් මිටක්' ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය.
'පෙම්බර මධු' චිත්‍රපටිය අවසාන දෙකක් සහිතව ඉදිරිපත් කිරීමෙන් නව අත්දැකීමක්ද සිනමාවට යොමු යොමු කළ අයෙකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News