lan englan tam

පුවත්

ඩිල්ශාන් පතිරත්න, ගුඩ් ඩෙඩිකේෂන - ගුඩ් ටීම් වර්ක්!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දේශපාලනයේදීත් ටෙලිවිෂන්කරණයේදීත් රිස්ක් එක වැඩිවෙන තරමට තමයි ප්රොෆිට් එක වැඩි. උපතින්ම දේශපාලන සත්වයෙක් වුන සහ වර්ගයා බෝකිරීම වෙනුවෙන්ම හැඩගැහුන මානවයා, ජීවිතේ අවස්ථා දෙකකදි හැඟීම්බර, මෝඩ, අතාර්කික තීරණ ගන්නවා.

ස්ථර ගණනාවකින් ආරක්ෂිතව ආවරණය වෙලා තියන මානවයා සතු ප්රධානතම අවයවය පාවිච්චි කරන්නෙ නැතුව තීරණගන්න ඒ අවස්ථා දෙක තමයි "ප්රේමය සහ දේශපාලනය!!"
මේ දවස්වල TV එකේ යන සමහර ටෙලිනාට්ය නිල මැස්සො වගේ. ඒවා බලනවා කියන්නෙ පරණ පවක් ගෙවනවා වගේ වැඩක්. ඒත් මේ දවස්වල නිල මැස්සො අතර "ප්රේමය සහ දේශපාලනය" ගැන කියන "මී මැස්සෙක්" ඉන්නවා!!
සතියේ දිනවල රෑට රෑට අපේ ගෙවල්වලට එබිලා, අපේ රටේ දේශපාලනයේ අපි නොදකින පැත්තක් අපිට පෙන්නන ටෙලිනාට්යයක් තමයි “මී මැස්සා”.
දේශීය දේශපාලනයේ සියුම් තැන් අල්ලලා මිරිකලා හපලා කන සියුම් ස්ක්රිප්ට් එකක් මී මැස්සා ට තියනවා. නියම කාලෙදි සේවා නූලට ගිනි තියන්න පුළුවන් මේ වගේ ස්ක්රිප්ට් බිහිවෙන්නෙ ඉතා කලාතුරකින්.
මී මැස්සා කියන්නෙ, සතියේ දවස්වල එක තැන පල් වෙවී මන්දගාමීව ගලාගෙන යන සාම්ප්රදායික වට්ටෝරු ටෙලිනාට්යවලට ලස්සන අභියෝග කරපු හොඳ නිර්මාණයක්.
ඇත්තම කියනවා නම් සතිය දිනවල නිල මැස්සො අතර ටෙලිකාස්ට් කරන්න "මී මැස්සා" හොඳ වැඩියි! ඒත් ඉතිං මී මැස්සා ගැන තාප්පවල චිත්ර අඳින්න තරම් තාම කල් වැඩියි.
මෑත කාලීන ටෙලි නාට්යවල විශිෂ්ටතම කැමරා අධ්යක්ෂණයක් මම දැක්කෙ ධනුෂ්ක රත්නායකගේ Bio ටෙලිනාට්යයේ. ඒ කැමරා වර්ක් එක ගොඩක් මහන්සිවෙලා කරපු එකක් කියලා පේන්න තිබුණා. ඒත් ඒ දක්ෂතාවට නිසි ඇගයීමක් ලැබුණද කියල නම් මම දන්නෙ නෑ. Bio එකෙන් පස්සෙ මම දැක්ක විශිෂ්ටතම කැමරා අධ්යක්ෂණය දැකපු ටෙලි නාට්යය තමයි ඩිල්ෂාන් පතිරත්න ගේ "මී මැස්සා".
කැමරාවේ නාභිගත කිරීම් වෙනස් වන ආකාරය, අපේ ඇහැට නුහුරු ඒත් ඉතා නැවුම් ආකර්ෂණීය කැමරා කෝණ ඔස්සේ චරිත රූගත කිරීම, රූපරාමුවල ප්රමාණ සැකසීම, කැමරා චලනවල රිද්මය, චරිත කිහිපයක් සිටින සිදුවීම්වල ඒ ඒ චරිතවල සමීප රූප වෙන වෙනම ග්රහණය කරගැනීමට කරන ලද නිර්මාණාත්මක උත්සාහය, ආලෝකය - අඳුර - සෙවණැලි භාවිතය, විවිධ භෞතික වස්තූන් හරහා රූප රාමු නිර්මාණය කර තිබීම සහ තවත් බොහෝ දේවල්වල එකතුවක් විදිහට මී මැස්සා ටෙලි නාට්යයේ කැමරාකරණය අති විශිෂ්ට තැනක තියනවා.
සංගීතය කියන්නෙ ඕනම ටෙලි නිර්මාණයක් වෙනම තැනකට උස්සලා තියන්න පුළුවන් ඉන්ද්රජාලික මායාකාරියක්. අවස්ථා සිද්ධිවල තියන හැඟීම තව තවත් තීව්ර කරන සහ ඇඟ කිලිපොළා යන ෆීල් එකක් මී මැස්සා ගේ මියුසික්වල තියනවා.
ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ ටෙලිනාට්යයෙන් පස්සෙ කැමරාවේත් සංගීතයේත් මේ වගේ ලස්සන සුසංයෝගයක් දැක්ක පළවෙති වතාව තමයි මී මැස්සා.
දසුනි නවෝද්යා] නවක නිළියක් විදිහට වෙනම ලෙවල් එකකට මේ වැඩේ අරගෙන යන්න තරම් රංගනයක් මී මැස්සා ඇතුලේ ඉදිරිපත් කරනවා. අති සාර්ථක රංගන අනාගතයක සුබ පෙර නිමිති දසුනිගේ මේ රංගනයෙන් පේනවා. අතීතයේදී අති දක්ෂ ගොඩක් නවක නිළියෝ තමන්ගේ වෘත්තීය ජීවිතය හිරකරගත්ත පාරෙ දසුනි යන එකක් නැති වුනොත් දසුනි ගොඩ.
ස්ථර ගණනාවකින් ආරක්ෂිතව ආවරණය වෙලා තියන මානවයා සතු ප්රධානතම අවයවය නිවැරදිව පාවිච්චි කළොත් අනාගතයේදී තමන්ගේ තරු ගුණය අංක 1 ට ඔසවා තබාගන්න දසුනිට හොඳ අවස්ථාවක් තියනවා. අමතක කරන්න එපා... ශලනි ආවෙත් අවුරුදු කුමරියක් වෙලා.. දසුනි ආවෙත් එහෙමයි.
නවකයෙක් විදිහට තාරක ගුණසේකර කරන ජොනීගේ චරිතෙ ඇතුලෙත් හරිම අපූරු ස්වභාවික රංගන ශෛලියක් පේනවා. වේදිකා නාට්ය තොප්පිය දාගෙන ටෙලිවිෂන්වලට ඇවිල්ලා රඟපාන සමහර නළු නිළියෝ වගේ අස්වාභාවික අධි රංගනයක් තාරකගෙන් මම දැක්නෙ නෑ.
විමල් කැටිපෙආරච්චියේ පෞද්ගලිකන දේශපාලන භූමිකාව දන්න ප්රේක්ෂකියින්ට ඔහු කරන චරිතය වෙනස්ම රහකට විඳින්න පුළුවන්. ඒවගේම හර්ෂ තෙන්නකෝනුත් ගැම්මට මිම්මට ලසස්නට අපිට විඳින්න පුළුවන් විදිහට ඔහු රඟපානවා.
මේ ටෙලිනාට්යයේ චරිත් සහ හර්ෂ එකම රූප රාමුවක උද්වේගකර අවස්ථාවක් රඟපානවා බලන්න ලැබුනොත් ඒක මී මැස්සා ප්රේක්ෂකයින්ගේ වාසනාවක්.
නෙතලි නානායක්කාර, රොඩ්නි ෆ්රෙසර්, සුසිලා කෝට්ටගේ, මධුෂාන් නානායක්කාර, නිමල් ජයසිංහ නිසා මේ ටෙලිනාට්යයේ රංග කාර්යයේ බර තවත් වැඩි වෙලා තියනවා.
භූපති ගේ චරිතය රඟපාන චරිත් අබේසිංහගේ රංගනය තමයි මෙතන තියන ලොකුම නොගැලපීම. ඔව්.. නොගැලපීම!! චරිත් බාරගත්තෙ අනතුරුදායක අභියෝගයක්. සතියේ දිනවල විකාශය වෙන වර්ගයේ ටෙලිනාට්යවලට නොගැලපෙන තරමේ අති විශිෂ්ට රංගනයක් චරිත් අබේසිංහ විසින් රඟදක්වනවා.
චරිත්ගේ රංගන විශිෂ්ට විදිහට කරන නිසා ඒකට ගැලෙපන කරට කර රංගනයක් කරන්න අනිත් චරිතවලටත් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම චරිත් එක්ක එකම රූප රාමුවේ රඟපාන නළුනිළියන්ට ඒක ලොකු අභියෝගයක්. ඒ අය ඒ අභියෝගය ජයගත්තද කියන එක තමයි මට තියන ලොකුම ප්රශ්නෙ.
අගමැති කෙනෙක්ගේ බිරිඳක් කොයිවගේද, අගමැති කෙනෙක්ගේ හිටපු පෙම්වතිය කොයිවගේද කියන එක අධ්යක්ෂවරයා, උදයන්ති සහ සුජානි තවත් අධ්යනය කරන්න තිබුනා කියලා මට හිතෙනවා.
ඊට අමතරව මී මැස්සගේ සමහර අනු චරිතවල රංගනය ටිකක් විතර ඩාම් වෙලා ඩූම් වෙලා කියලා තමයි මට හිතෙන්නෙ. චරිත් අබේසිංහගේ විශිෂ්ට රංගනය නිසා අනිත් චරිතවල පුංචි අඩුපාඩුවක් පවා ලොකුවට පේනවා. ඉක්මනටම වර්ක්ෂොප් එකක් තියලා හරි මේ නළු නිළියන්ගේ රඟපාන කෑල්ල තව ටිකක් ගොඩ දාගන්න පුළුවන් නම් මී මැස්සගෙ ෂූට් කරලා නැති කොටස් තියනව නම්, ඒවට ලොකු වටිනාකමක් එකතු වෙයි කියලා මට හිතෙනවා.
මෙතනදි මම ගොඩක්ම කණගාටු වෙන කාරණාව තමයි සුජානි මේනකාගේ රංගනය. ඇය අත්දැකීම් බහුල දැවැන්ත නිළියක්. ඒත් ඇයගේ චරිතයේ තියන සංකීර්ණ තැන් ඇයගේ චරිතයේම තියන සැහැල්ලු සරල බවින් වහගෙන ඉන්න උත්සාහ කරද්දි ඇත්වෙන මානසික ගැටුම ඇය මුහුණෙන් පෙන්නන්නෙ නැත්තෙ ඇයි කියන එක මට ලොකු ප්රශ්නයක්. සමහරවිට අධ්යක්ෂවරයාට සුජානිව ඕනෙ එහෙමද දන්නෙත් නෑ.
මම මේ මොනතරම් බයිලා ගැහුවත් දක්ෂ කණ්ඩායමක් එකතු කරගෙන දිනපතා විකාශය වෙන සාර්ථක සහ නිර්මාණාත්මක බවින් වැඩි "මී මැස්සා" වගේ ටෙලිනාට්යයක් ෂූට් කරනවා කියන්නෙ පතුළ නොපෙනෙන ගැඹුරු හෙළක් උඩින් තියන වැල් පාලමක දරුවෙකුත් වඩාගෙන යනවා වගේ වැඩක්.
ඉතිං මේ වැල් පාලමේ යම්තාක් දුරක් පරිස්සමෙන් ආපු Dilshan Pathiratne අධ්යක්ෂතුමනි, Congratulation.. හොඳ කැපවීමක්, ගුඩ් ඩෙඩිකේෂන් ආ..., ගුඩ් ටීම් වර්ක්...

ලක්මිණ රණසිංහ

Back to top
Go to bottom

Popular News