lan englan tam

පුවත්

'ධරණී' ලියද්දියි 'කම්බිලි' ලියන්න ආරාධනා ආවේ - නිදුක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිදුක් මධුෂික යනු 'ධරණී' ටෙලි නාට්‍යයේ තිර රචකයා වේ. තරුණයා, අද, සිරිකත පුවත්පත්වල ලේඛකයෙකු වූ නිදුක් අද පුවත්පතේ මුල් කතුවර කාංචන දසනායකගේ මග පෙන්වීමෙන් සිරස එෆ්එම්හි නාට්‍ය රචනයට යොමු වෙයි. එහි 'මං ආදරෙයි' ලියා පසුව හිරු එෆ්එම්හි 'සිහින සිත්තරාවී' යන නාට්‍යය රචකයා ලෙස කටයුතු කරයි. පසුව නිදුක් 'දරණී' ටෙලි නාට්‍යය රචනා කරන සමයේ චිත්‍රපට පිටපතක් ලිවීමට ආරාධනා ලැබීමත් සමග මේ වන විට තිරගත වන 'කම්බිලි'හි තිර රචකයා වන්නේය. ඔහු ඒ පිළිබඳව කෙටි සංවාදයකට එළඹියේ මෙසේය.

"මට මුලින්ම ආරාධනා ලැබුණේ චිත්‍රපට 'රීමේක්' එකක් ලියන්න කියලා. නමුත්, පළවෙනි සිනමා තිරපිටපත හැටියට මගේ නම හදාගනිමින් යාමට තියෙන උවමනාවට මම ස්වතන්ත්‍ර පිටපතක් කිරීමට යෝජනා කළා. ඒ අනුවයි කම්බිලි ලියවෙන්නේ. නිෂ්පාදක නිශාන්ත ගල්හේන තිරපතට දැක්වූ කැමැත්ත උඩ චිත්‍රපටය නිර්මාණය කිරීමට එකඟ වුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ප්‍රසාද් කළුපහන ගීත රූප රචනා සඳහා ප්‍රවීණයෙක් වුණත් කම්බිලි ඔහුගේත් පළමු සිනමා නිර්මාණය." යනුවෙන් කී නිදුක් සිය අපේක්ෂා පිළිබඳව කෙටියෙන් ප්‍රකාශ කළේය.


"තිරපිටපතක් නිර්මාණය කිරීමට බොහෝ වෙහෙසක් දරන්න වෙනවා. දවසම ගෙදර හිටියත් බිරිඳ එක්ක කතා කරන්නත් ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඇය මගේ උසස් පෙළ කාලේ හමු වූ ප්‍රේමය. මගේ කටයුතු වෙනුවෙන් වෙන වෙහෙස බොහෝ දෙනෙක් නොදන්නා නමුත්, ඇය හොඳින් අවබෝධ කරගෙන ජීවත් වෙනවා." ඉදිරියේදී 'මිරර් ආට්ස්' සමග දිගු සංවාදයකට සහභාගි වන බලාපොරොත්තුවෙන් නිදුක් ප්‍රකාශ කළේය.

 

ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News