lan englan tam

පුවත්

පාලකයින් විහිළු සැපයුව නිසා අපි දේශපාලනය කළා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මම රාජ සභාවේ පුරෝහිත. හැබැයි අද මම ආවේ විහිළු කරන්න නොවෙයි. දැන් දවස ගානෙ පාලකයෝ විහිළු සපයමින් යනවා. ඒ නිසා දැන් අපේ ජොබ් එක කැන්සල්. ඉතිං ඒ ගොල්ලෝ විහිළු කරන කොට කලාකාරයෝ වුණු අපිට සිද්ධ වෙලා තිබෙනවා දේශපාලනය කරන්න. අතීතයත්, වර්තමානයත්, අනාගත වුවමනාවත් විසින් නිවැරදි වේදිකාවක් තෝරා ගන්න කියලා අපට බලකර සිටියා. හොඳ තැනක් තෝරා ගන්න අපට ඕනෑ වුණා. අන්න ඒ නිසයි ජාතික ජන බලවේගයේ, මාලිමාවේ වේදිකාව අපි තෝරා ගත්තේ. ජන නියමු කලාකරුවන් හැටිය අපි හැමෝම දැන් මේ වේදිකාවට එකතු වෙලා අවසානයි." යනුවෙන් ප්‍රවීණ හාස්‍ය රංගන ශිල්පී මහින්ද පතිරගේ මේ බව පැවසුවේ ජා-ඇල ජාතික ජන බලවේගයේ රැස්වීම අමතමිනි.

"මම මගේ කථාව රාජ සභාවෙන්ම කියන්නම්. 2003 වර්ෂයේදී තමයි අපි රාජ සභාව පටන් ගත්තේ. ඒ, දැනට අවුරුදු 21කට පෙරයි. රට යන අත වැරදියි කියලා එදා අපිට කලාකාරයෝ හැටියට තේරුණා. අන්න ඒ නිසා තමයි අපි මාලිමාවේ වේදිකාව තෝරා ගත්තේ. මේ වන විට අපේ “ජන නියමු කලාකරුවෝ ” ව්‍යාපාරය වටා මේ රටේ කලාකරුවන්ගෙන් බහුතරයක් එකතු වී හමාරයි.
අපි රාජ සභාවෙන් කියන්න හැදුවේ කුමක්ද? පාලකයෝ අපිව රවටපු හැටි. අපි රැවටුණු හැටි, රැවටෙන හැටි හා ඉදිරියටත් එය සිදුවිය හැකි බවට අපි ඒ ප්‍රහසනය හරහා මේ රටේ ජනතාවට අනතුරු අඟවා සිටියා. එදා ඒ ප්‍රහසනය බලලා ඔබ යම් වින්දනයක් ලැබුවාට ඒ පිටුපස තිබුණු දේශපාලන පණිවුඩය ගැන ඔබ එතරම් උනන්දු වුණේ නැහැ. කියන්න සතුටුයි අද අපේ රටේ ජනතාව ඒ පණිවුඩය හොඳින්ම තේරුම් අරන් ඉන්නවා. ඒ ජනතාව මේ දූෂිත පාලකයෝ පන්නා දමන්න දැන් ජාතික ජන බලවේගය වටා රොද බඳිමින් ඉන්නවා. මෙතෙක් රට පාලනය කළ පාලකයෝ ඉන්දියාවේ යාචකයෝ හිඟා කාලා ආධාර පිණිස සල්ලි එවන රටක් බවට අපේ රට පත් කළා. ඒ ඔබ මෙතෙක් කල් ආදරයට කතිරේ ගහපු පාලකයෝ අපිට උරුමකර දුන් රටයි. ඒ කරුමක්කාර උරුමය වෙනස් කරලා ලබන 21 වැනිදාට මේ රට නව පුනරුද යුගයකට රැගෙන යන ගමන අරඹන්න දැන් මේ රටේ මහ ජනතාව තීරණය කර හමාරයි." යනුවෙන් ඔහු පැවසීය.

Back to top
Go to bottom

Popular News