lan englan tam

පුවත්

'කැමේලියා' හරහා සිංහල නවකථාව වෙනස් වෙයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්ය සසංක පෙරේරා මැතිතුමා ඊයේ (14) කිව්වා ඇහුණා අපේ නවකථා ජාත්‍යන්තරයට යවනවා නම් කරන්න ඕනෑ දේවල් ටිකක්... අපේ නවකථාවලින් මෙවර ජාත්‍යන්තරයට යවන්න පුළුවන් නවකථාවක් තමා මෙවර ජයග්‍රහණය කරේ. මොකද මේක ඉංගිරිසියට හරවන්න පුළුවන් වගේම විදෙස් රටක විකුණන්න පුළුවන් වෙනස් අත්දැකීමක් තියෙන පොතක්....

මේ පොත කියවලා බොහෝ කල්. කියවපු ගමන්ම බුකියෙ සටහනක දැම්මා මේක එනවා කියලා... ඒවගේම ලස්සනම කතාව තමයි විරාජිනිගේ මාස්ටර් පීස් එක විදියට සලකපු කෘතිය ස්වර්ණපුස්තක මුල්වටයටවත් තේරුණේ නෑ..! හැබැයි අනෙකුත් සම්මාන උලෙළ සියල්ලෙහිම හොඳම පොත වුණා.
විනිශ්චය මණ්ඩලයක පිස්සු හුටං ඩෑල් ඉන්න ඕනි නෑ කියන්නෙ ඕක තමා. ඔය හිටපු මණ්ඩල්වල ඈයෝ දැන් නෑ.. ගොඩක් වෙනස් වෙලා. සමහරු අවුරුදු ගාණක් අටුවන් බැහැලා හිටියා. පොතක් ඉස්සරහට යනවද නැද්ද කියල කියන්න නං හොඳ පාදක මණ්ඩලයක් ඕනි. ඒකෙ ඇත්තටම කියවන උණ තියෙන උන් ඉන්න ඕනි. වර්තමානයේ ඒ අය ගැන සතුටුයි. නමුත් ඉහළ මණ්ඩලවල දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ අය ඇත්තටම සුදුසු සුමති, සරසවි, සෝයාමීට් විනිශ්චය මණ්ඩලවලට. ඒ අය අලුත් නවකථාව ගැන අදහසක් තියෙන අය නෙවෙයි. තාම ඉන්නේ අමරසේකර, සරච්චන්ද්‍ර, ජී.බී සේනානායක යුගයේ. දැන් අලුත් නවකථාවල අලුත් ටෙක්නික් තියෙනවා අලුත් ව්‍යාකරණයන් (සිංහල නෙවෙයි) තියෙනවා. ඒවා අහුවෙන්නෑ ඒ අයට. ඒ වගේම තමා වසර තුනකට වරක්වත් ඔළුගෙඩි මාරුවෙන්න ඕනි වගේම මේ සම්මාන විනිශ්චයේ ඉන්න අය වෙනත් සම්මාන උලෙළ නියෝජනය කරන්නත් බැරි වෙන්න ඕනි. මොකද මිනිස්සුනෙ ඉන්නේ!
ඕක මම කියන්න හේතුව ස්වර්ණපුස්තකයට සුදුසු තව නවකථාවක් තිබුණා. ඒකෙ තිබ්බ ටෙක්නික් එක පහළ සහ මැද අයට මීටර් වුණාට උඩ අයට මීටර් වුණාද කියල සැකයි. ඒකෙ ලේඛකයා ඊයේ හඳුන්වාදීමේදි කරපු කෙටි ප්‍රකාශය තුළ පොතේ ආත්මයම හකුළුවලා තිබ්බා. වර්තමාන සමාජ දේශපාලනය කියවද්දි ඒ ටිප් එක හලන්න බෑ....
වැඩිය කතාකරන්න දැන් බයයි! පොත් බයියොත් ඉන්නවා කියල පහුගිය ටිකේ දැක්කා... ඒ අයගේ පූර්වජයන්ට පින් සිද්ධ වෙන්න දැන් පොතක් ගැන නිකං සටහනක් දාන තරමට මම ධෛර්යමත්!
අපේ රටේ හොඳ විචාර කලාවක් හදන්න ඕනි. ඒක දරාගන්න පුළුවන් ලේඛක ප්‍රජාවක් ප්‍රකාශක ප්‍රජාවකුත් හැදෙන්න අවශ්‍යයි. අලුත තියෙන්නේ අතක ඇඟිලි ගාණට වගේ එහෙම අය ඉන්නේ. ඒ පක්ෂග්‍රාහීකම් ඊලඟ පොත අසවල් සමාගමෙන් කරගන්න ඕනි වගේ ඒවා නිසා වැඩේ හරියට වෙන්නෑ... අමුවෙන් කිව්වාම තරහ වෙන නිසා සැර බාල කරල කියන්නේ...
ඊයේ උත්සවේ දැකපු මට හිතට වැදිච්ච දේ තමා විජේසිංහ සහ සුබසිංහ ඩබල එකතු වුණොත් මරු මරු වැඩ ටිකක් කරන්න පුළුවන් නේද කියල. දැන් කොහොමත් තනිගේම් අදින්න අමාරුයි.. එකතු වෙලා කරන වැඩ තමා ඉස්සරහට යන්නේ.
කොහොම වුණත් සම්මාන නිර්දේශ වෙච්ච සියලුම පොත් හොඳට විකිණෙන්න ඕනි. මොනව කරන්නත් මේ කර්මාන්තය තියෙන්න ඕනි. ඒක හොඳ ආර්ථිකයක් රටේ හැදෙන්න ඕනි....
පින්තූරයේ අයිතිය අදාළ පුද්ගලයාට හිමි විය යුතුය.

මාධ්‍යවේදී මනෝරම වීරසිංහ

Back to top
Go to bottom

Popular News