lan englan tam

පුවත්

හුඹස් බිය නැතිව ඉදිරියට යමු; රිදී තිරයේ විජේවීර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් තුළ ඇති හුඹස් බිය නැති කරගෙන ඉදිරියට යා යුතු බව ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි අනුරාධපුරයේදී පැවති ජාතික ජන බලවේගයේ රැලියට සහභාගි වෙමින් පසුගියදා (14) පැවසීය.

ජාතික ජන බලවේගයට ඡන්ද කිහිපයක් ලබා දීම දරුවන්ට ඉඩම් අක්කර දෙක-තුනක් ඉතිරි කිරීම හා සමාන බව රංගන ශිල්පියා එහිදී ප්‍රකාශ කළේය.
"මේ දහස් සංඛ්‍යාත ජනතාව එකහෙළාම අපේක්ෂා කරන්නේ අපේ රටට යහපත් හෙට දවසක්....
පසුගිය දවසක මගේ වැඩකට මම රත්නපුරය ප්‍රදේශයට ගියා. එහිදී පතල් කම්කරු සහෝදරයෙක් මුණ ගැසුණා. ඔහු සමග මම ටිකක් කතා කළා. මම ඔහුගෙන් ඇහැව්වා කොහොමද දැන් දේශපාලන තත්වය කියලා. ඔහු ටිකක් නිහඬව හිටියා. ඒ පාර මම ඔහුට කිවුවා මේ පාර අපි වෙනසක් කළේ නැත්නම් අපි ඔක්කෝම අන්ත දුක්ඛිත තත්වයකට පත්වෙනවා කියලා.... ඔහු කිව්වා "මම විශ්‍රාමික ගුරුවරයෙක්. ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කිසිවක් ඉතිරි කර නැතිනම්, මාලිමාවට ඡන්ද තුන හතරක් හදලා දෙන්න. ඒක ඔවුන්ගේ ජීවිතයට ඉඩම් අක්කර දෙක තුනක් අරන් දුන්නා වගේ ආයෝජනයක්" කියලා..... එසේ කළොත් හැරෙන්න ඔබට වෙන්නේ ඔබේ දරුවන්ට හරියට උගන්න ගන්න බැරි වෙන, කන්න බොන්න නැතිවෙන, තරුණ තරුණියන්ට තමන්ට නිසි රක්ෂාවක් හොයා ගන්න බැරිවෙන, ඒ වගේම රක්ෂා කරන අයටත් තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුපක් ගන්න බැරි, ජනතාවම දුකේ වැටෙන, ලෙඩකට බෙහෙතක් ගන්න බැරි, මේ ජරාජීර්ණ සමාජ ක්‍රමය දිගටම ගලාගෙන යන එකයි.
සන්තෝෂයක් නැති ජීවිතය මොකක්ද? ඔබ ඉන්නේ සතුටින්ද? සතුටක් නැති මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. ඒ දුක හඳුනන මිනිහෙක් තමයි අද ඔබට අපේ රටට නායකත්වය දෙන්න ඇවිල්ලා ඉන්නේ. බලන්න මේ වේදිකාව දිහා. මේ රට වෙනුවෙන් වැඩකරන්න පුළුවන්, ජනතාවගේ සංහිඳියාව ඇති කරන්න පුළුවන්, ජනතාවගේ මානසිකත්වය ගොඩනඟන්න පුළුවන්, සහෝදරත්වයෙන් බැඳුණු මේ රටට ඇත්තටම ආදරය කරන පිරිසක් ඔහු වටා ඉන්නවා. අපි හුඹස් බියක් ඇති කරගත යුතු නැහැ. මේ වැඩ කරන්න පුළුවන්ද? කියා. ඔය පුළුවන් කිය කියා ඉන්න අය පුළුවන් කියලා කියනවා විතරනේ. කවදාවත් කරලා පෙන්නුවේ නැහැනේ. අපි ඒ වාද බයිලා පැත්තකින් තියලා සැබෑ යථාර්ථයට මුහුණ දීලා රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න, ඉතාමත් සමෘද්ධිමත් රටක් ගොඩනඟන්න රටට හිතෛෂී, බුද්ධිමත් පිරිසක් සමග අපි මේ ගමන යමු." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

Back to top
Go to bottom

Popular News