lan englan tam

පුවත්

චිත්‍රාල් සංගීතය නිමැවූ 'ක්‍රෝධයේ ගිනි උණ්ඩයෙන්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රාල් සෝමපාල සංගීත අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරියගේ 'ගිනි අවි සහ ගිනි කෙළි' චිත්‍රපටයේ ගීතය 'ක්‍රෝධයේ ගිනි උණ්ඩයෙන්' එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. පද රචනය අනුර බණ්ඩාර රාජගගුරු විසිනි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයද පසුගිය දිනෙක එළි දැක්වූ අතර උදයකාන්ත සැප්තැම්බර් 26 වැනිදා සිට තිරගත වීමට නියමිතය.

අනුර හොරේෂස් විසින් රචනා කරනු ලැබූ ගිනි අවි සහ ගිනි කෙළි නවකතාව ඇසුරින් උදයකාන්ත විසින් සින්මාවට 1998දී පළමු වරට ගෙන ආ චිත්‍රපටය යළි මෙසේ නිර්මාණය කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි නායකයෙකු වන පද්මසිරිගේ ජීවිතය වටා පාදක වී ඇත.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක ඩිල්ශාන්, ලකී ඩයස්, පාලිත සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු, ජගත් බෙනරගම යනාදීහු රංගන දායකත්වය සපයති.
චිත්‍රපටය EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතය.
චිත්‍රපටයේ පළමු නිෂ්පාදනය රංජිත් ජයසූරිය විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර නව චිත්‍රපටයේ කතාව - අනුර හොරේෂස්, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය, කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙනි.
චිත්‍රාල්ගේ සංගීතය චිත්‍රපටයේ හරයට බෙහෙවින් සාධාරණයක් කර ඇති බව ගීතය නරඹන විට පෙනෙන්නට තිබේ.

 

Back to top
Go to bottom

Popular News