lan englan tam

පුවත්

මම කැමතිම ජනාධිපතිවරයාගේ ආදර කතාවට; Mirror Mirror

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය හා සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ තත්පරයක් දෙන්න, ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යවලින් රසික ජනාදරයට පත් නිළි, ජනප්‍රිය නිවේදිකාවකද වන ශෙලන් මුණසිංහ මෙවර Mirror Arts යූටියුබ් නාලිකාවේ Mirror Mirror වැඩසටහනට සහභාගි වන්නීය.

ලලයි ලිලයි සහ තත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය කෙරෙන් ලද අත්දැකීම් එහිදී වැඩසටහන් පූරක දිනිත ජයරත්න සමග හෙළි කරන ශෙලන්, තමන් නිළියක් වන්නේ 'ඇක්ශන් - කට්' යැයි පවසන මොහොත තුළ පමණක් වන බව පවසයි.
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගෙන් රංගනය හදාරා කලා ලොව දිගු ගමනක් යෑම ආරම්භ කර ඇති ශෙලන් තම හැකියා, කුසලතා බොහොමයක් පැමිණියේ සිය පිය උරුමයෙන් සහ ගමේ ජීවත් වූ කලාය හේතුවෙන් බවද පවසන්නීය.
නිළියක් වීමට බස් නැවතුමක පවා නිදමින් කාලය ගත කිරීමට තමන්ට සිදු වූ බවත් සිය මව සහ පියා පිළිබඳව බෙහෙවින් හැඟීම්බර කාලයක් පැවති බවත් සිහිපත් කළ රංගන ශිල්පිනිය, විවාහය සහ ආදරය පිළිබඳව සංවේදී අදහස්ද හෙළි කළාය. එසේ කී ඇය වත්මන් ජනාධිපතිවරයාගේ ආදර කතාවට තමන් බෙහෙවින් ලැදි බවද ප්‍රකාශ කළාය.

Back to top
Go to bottom

Popular News