lan englan tam

පුවත්

ඉන්නෙ අලුත් ආණ්ඩුවක නෙවෙයි, සංක්‍රමණික අවස්ථාවක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රටේ පවතින තත්ත්වය තාවකාලික සංක්‍රමණික අවධියක් ලෙස තමන් දකින බව 'රොක් අජිත්' යන අන්වර්ථ නාමයෙන් ජනප්‍රිය ගායක අජිත් කුමාරසිරි පවසයි.

'මතක පද' යූටියුබ් සංවාදය සමග සහභාගි වෙමින් එහි පූරක ගැමුණු වන්නිනායක සමග අජිත් මේ බව ප්‍රකාශ කළේය.
පවතින තාවකාලික ක්‍රමයට ගොදුරු වන්නන් සිටින බවත් දීර්ඝ කාලීනව මැතිවරණ ක්‍රියාවලියකට යොමු වීමෙන් එම තත්ත්වය ඇති විය හැකි බවත් එහිදී ඔහු පවසයි.
තමන් විසින් නිර්මාණය කරන ලද ගීත කිහිපයක්ද එහිදී ගායනා කරන අජිත් 'මනමේ' නාට්‍යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට පෙර එක් එක් තැන්වල නිර්මාණය වී තිබූ අතර එහිදී ඔහු සිදු කර ඇත්තේ එය ප්‍රතිනිර්මාණයක් බව පවසන අතර එසේ සරච්චන්ද්‍රයන් සිදු කරන්නේ මන්ද යන ගැටලුවද ඇති බව පවසයි.
"සරච්චන්ද්‍ර ඒක 'රී-ඩිස්ට්‍රිබියුට්' කරන්නේ ඇයි යන ප්‍රශ්නය තියෙනවා. ඇයි මනමේ එයා වෙන විදිහකට මේ කඩුව ආයෙත් අරන් ආවේ යන ප්‍රශ්නය තියෙනවා. ඒ ප්‍රශ්නෙ මේ සමාජේ අහන්න ඕනේ, 'ඇයි සරච්චන්ද්‍ර මේ කඩුව අරන් ආවේ. ගෙනාපු කඩුවක් ආයෙ ගේන්න හේතු මොනවද?'". යනුවෙන් අජිත් කුමාරසිරි එසේ පවසයි.
'මතක පද' සෑම සිකුරාදාවකම මතක පද යූටියුබ් නාලිකාවේ සවස 04ට විකාශය වේ.

Back to top
Go to bottom

Popular News