lan englan tam

පුවත්

මුහුදුබත් වූ නෞකාවේ ප්‍රේමයට වසර 27ක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටයිටැනික් යනු 'දෙවියන්ටවත් ගිල්වා දැමිය නොහැකි' බව සඳහන් කරමින් නිර්මාණය කරන ලද, එහි පළමු මුහුදු ගමනේදීම මුහුදුබත් වූ නෞකාවයි.

ලෝකයේ නෞකා මුහුදුබත් වීමේ කොතරම් සිදුවීම් ඇති වුවත් 'ටයිටැනික්' ජනාදරයට පත් වන්නේ එම මුහුදුබත් වීම කේන්ද්‍ර කොටගෙන නිමැවුණු ටයිටැනික් චිත්‍රපටය හේතුවෙනි.
1912දී ටැයිටැනික් නැව ගිලී යාම කේන්ද්‍ර කරගනිමින් ආදර කතාවක් ඇතුළත්ව නිර්මාණය වූ චිත්‍රපටය ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබිණි. පසුව එය 1997දී එළිදැක්වී අනතුරුව ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස රසික හදවත් තුළ නිදන් විණි.
ටයිටැනික් චිත්‍රපටය 1997දි ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී පළමු වරට තිරගත වීම සිදු වූ අතර නෞකාව ගිලී ගිය විට නැති වූ බව කියන දැවැන්ත නිල් දියමන්තියක් ගැන සඳහන් කෙරෙමින් එය ආරම්භ වෙයි.
'හාට් ඔෆ් ද ඕෂන්' ලෙස හැඳින්වෙන මැණික් සහිත මාලයක් පැළඳි කාන්තාවකගේ චිත්‍රයක් ඇතුළු කඩදාසි කිහිපයක් අඩංගු සේප්පුවක් සොයා ගත් රූප සටහනක් රූපවාහිනියේ විකාශය වීමෙන් පසුව වයස්ගත කාන්තාවක් (ග්ලෝරියා ස්ටුවර්ට් චරිතය රඟපායී) මේ වස්තුව ගවේෂණය කරන කණ්ඩායම හා සම්බන්ධ වීමෙන් චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රණය වෙයි.
එම ටයිටැනික් සිනමා මතකයට පසුගිය නොවැම්බර් 03 වැනිදාට වසර 27ක් සපිරිණි.

Back to top
Go to bottom