ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස යළිත් වරක් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භාර්යාව, හිටපු නිළියක වන මෙලනියා ට්‍රම්ප් යළි ජනාධිපති ආර්යාව වීමට අවස්ථාව ලද්දීය.
මෙලනියා මැතිවරණයට සක්‍රීයව සහභාගි වෙමින් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට දැක්වූ සහයෝගයද මෙම ජනාධිපතිවරණ ජයග්‍රහණය පසුපස ඇති බව බොහෝ දෙනා පවසයි.
ඇමරිකාවේ අවධානයට ලක් වූ ජනප්‍රිය මාතෘකාවක් වූ 'ගබ්සා කිරීමට ඇමරිකාව තුළ ඇති අයිතිය සුරකින බවට' සඳහන් වැඩසටහන්වලදී මෙලනියා සක්‍රීයව මැදිහත් වූවාය. මෙය ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී වඩාත් ආකර්ෂණීය පොරොන්දුවක් ලෙස සැලකිනි. එය හිටපු නිළියට ඝෘජුවත් වක්‍රව ඇගේ සැමියාටත් ප්‍රසාදයක් ඇති කර තිබිණි.