තාත්තාගේ ගීත වගේම ඕනම ගීතයක් හරිම රහට ගයන අපේ මංජු...
මංජුලා රත්නායක කියන්නෙ වික්ටර් රත්නායක සංගීත වේදියාගෙ බාලම දූ..ඇය පුංචිම කාලෙදිත් චන්ද්‍රානි ගුණවර්ධන මිස් ගෙ ළමා ගී හඬ කැසට් පටයට ගී ගැයූ ළමා ගායිකාවක්. ඒ පිංතූර ඇය ළඟවත් නැති වුණාට ඔන්න මා ළඟ නම් සුරක්ෂිතයි.
මංජුට හරිම ලස්සන නිරවුල් හඬක් තියෙන නිසා ඇය ගීත ගයනවා අහන් ඉන්න මම නම් හුඟාක් ආසයි. අනූ නන්දසිරි නංගී කියපු විදිහට නම් ඔන්න මංජුගේ ගීත අපිට ළඟදිම අහන්න ලැබේවි.මංජු ළමා ගී ගායිකාවක් විතරක්ම නෙවෙයි .ඕනෑම ගීතයක් ඇය හරි අපූරුවට ගයනවා . ජයන්ත අයියා , චාන්දනී අක්කා , ලෙළුම් අයියා , මංජුලා මේ හැමෝම බොහොම නිහතමානී සුන්දර චරිත . පසු ගිය දවසක මංජුව මට හමු වුණා. මෙන්න මංජු, අර මා ළඟ සුරැකිව තියෙනවා කියපු ඔයාලගෙ පුංචි කාලෙ පිංතූර ..
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාලිකා රාජපක්ෂ