lan englan tam

පුවත්

විශිෂ්ට ඉන්දීය චිත්‍රපටයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

War චිත්රපටි කියන්නෙ ඉන්දියානු සිනමාව පුරුද්දක් විදිහටම අනාගන්න ශානරයක්.

එයිනුත් Modern War කැටගරිය විශේෂයි.
අනවශ්ය විදිහට සංවේදී දේශප්රේමය, සහෝදරත්වය ,සතුරාගේ දුබලත්වය සහ මුග්ධබව හයිලයිට් කරන්න ගිහින් හා සොල්දාදුවාගේ සහ යුද්ධයේ යථාර්ථය ඉක්මවාගිය සෝබනමය ෆැන්ටසියක් ප්රදර්ශනය කරන්න ගිහින් මේ අනාගැනීම,හත්පොලේ ගා ගැනීමක් දක්වා වර්ධනය කරගන්නවා.

Amaran චිත්රපටිය, Shershaah සහ Major චිත්රපටි දෙකත් එක්ක සමකරලා ඒ හා සමාන විශිෂ්ට චිත්රපටි දෙකක් බව සමහර විචාරකයො සහ ප්රේක්ෂකයො කියල තියනවා දැක්කා.
Shershaah කියන්නෙ කැප්ටන් වික්රම් භත්රාගෙ බයොපික් එක සහ Major කියන්නෙ මේජර් සන්දීප් උන්නික්රිෂ්ණන්ගෙ බයොපික් එක.

කැප්ටන් වික්රම් භත්රා,කාගිල් යුද්ධයේදිත් මේජර් සන්දීප් , 26/11 ටාජ් හෝටලයට එල්ල වූ ප්රහාරයේදීත් ජීවිත පරිත්යාග කරනවා.

ඔවුන් දෙදෙනා වෙනුවෙන් හැදුනු බයොපික් දෙකම ඉහත කියූ දුර්වලත්වය අඩු වැඩි වශයෙන් පිළිබිඹු කරන චිත්රපටි.

Amaran,ඊට වඩා සෑහෙන මට්ටමේ හොඳ නිර්මාණයක් විදිහට ප්රේක්ෂකයාට යුද තාක්ෂණිකව මෙන්ම තාත්ත්විකවත් දැනෙන චිත්රපටියක් වෙනවා වගේම සිවකාර්තිකේයන් සහ සායි පල්ලවී ඔවුන්ගේ උපරිමයෙන්ම රංගනයේ යෙදෙනවා.
තියටර්මය සිනමා අත්දැකීමට ඉහළින්ම රෙකමදාරු කරන්න පුළුවන් චිත්රපටියක්.

නිරෝෂ් ගුණසේකර

Back to top
Go to bottom