lan englan tam

පුවත්

Nun other THAN ඕස්ට්‍රේලියාවේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විප්ලවයට ආදරය කළාද - ආදරයට විප්ලව කළාද?

උදන් ප්‍රනාන්දු සිනමා කෘතියක් ලෙස එළි දක්වනු ලැබූ Nun other THAN සිනමාපටය ඕස්ට්‍රේලියාවේ ඩැන්ඩිනොන්හි රීඩින් සිනමාහලේදී නොවැම්බර් 17 වැනිදා තිර ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ආගමික සහ දේශපාලනික කාරණා පිළිබඳව කාන්තාවකගේ සැබෑ ජීවිතයේ පැතිකඩ කිහිපයක් නිරාවරණය කරන චිත්‍රපටය මේ වන විට මසකට අධික කාලයක් ශ්‍රී ලංකාවේත් ඉන් පිටතත් බොහෝ තැන ප්‍රදරශනය වෙමින් තිබේ.
ශ්‍රී ලාංකේය දේශපාලනයේ 70 දශකයේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වූ තැනැත්තියක වන චිත්‍රා බෝපගේ චරිත කතාව පාදක කොටගෙන නිර්මාණය කරන ලද චිත්‍රපටය සැප්තැම්බරයේදී කොළඹ PVR සිනමා ශාලාවේදී එළි දැක්වීම සිදු කෙරිණි.
Nun other THAN පසුතල නිර්මාණ, රංග වස්ත්‍රාභරණ අතුල සුල්තානාගොඩ, සංගීතය රෝහණ වීරසිංහ, ඡායාරූපකරණය චිරන්මයූ මේදිස්, අංග රචනය මනනුවන් රූපසිංහගෙනි.
චිත්‍රා බෝපගේ භූමිකාව - ප්‍රධාන නිළි දායකත්වය දිනාරා පුංචිහේවාගෙනි.

Back to top
Go to bottom