කවියට නව හැඩයක් පළමු වතාවට චලචිත්ර ලේඛනයෙන්.
පියල් රත්නායකගෙන්
"තනිකඩ"
සම්මතයෙන් දුරස් වෙච්ච, ආදරයෙන් සිත් බැඳි ච්ච
රුධිර බැම්ම හරස් වෙච්ච, නොහොඳ නෝක්කඩු නොවි . . ච්ච
පිච්චී අළු වෙලා දැවුන පැලැන්තියෙන් උඹේ උදච්ච
මොහොතක් හරි කල් ගෙව්වද සැනසීමෙන් හිත නිමි . . ච්ච
.
පෙලෙපත නිල කුලය ඇගේ . . . . . භාදා දුනි රන් කෙන්ද . . ට
නොසරුප් ඇයි අහින්සකා . . . . . වියකට මම පෙම් බැන්ද . . ට
හිස මුඩු කොට කසාවතින් . . . . . ඇය සමුදුන් දා ගිහිගෙ . . ට
ඝාන්ටාර දෝංකාරේ . . . . . යටි සිත වද දෙනවා ම . . ට
.
දුර්ග මගට පාර මෙයයි . . . . . පෙන්නා දුන් ලොකු අක් . . කේ
උඹ දුටු ලොව මගේ දෑසින් . . . . . තවමත් නැහැ මම දැක් . . කේ
මැදිවිය පසු කරමින් සිත . . . . . මොර ගාද්දී අරුමැක් . . කේ
ආදරයේ අමිහිරි තැන් . . . . . උබෙන්මමයි මම දැක් . . කේ
.
හිච්චි සංදියේ පටන්ම . . . . . ආච්චිගේ ළඟ හැදි . . ච්ච
නිච්චියේ නැහැ උඹගේ හිත . . . . . කිසිමම දේකට නැමි . . ච්ච
හිත තැලිච්ච හිමි හැරගිය . . . . . දීගය උඹගේ ඇරි . . ච්ච
හෝරා කටු කරකවාවි . . . . . කඳුලින් දෑසම තෙමි . . ච්ච
.
දින සති කල් මාස ගෙවමි . . . . . බඳුනක මදු විත පිරි . . ච්ච
නෙත් පොඟවමි නිහඬව හිත . . . . . තනිකම මැදියම ගෙවි . .ච්ච
තනිවී ඝන අන්ධකාර . . . . . විමන ලාම්පුව නිමි . . ච්ච
ලිපි ඉරිච්ච සමරමි වැඩ . . . . . අනුන්ගේ මොලයෙන් කෙරි . . ච්ච
.
මැදමිදුලම එලිය වෙලා . . . . . දැකලා පුන්සඳ පිරි. . ච්ච
හෙලපු සුසුම ගෙනත් දුන්නේ . . . . . සුවඳ සමන් වැලයි පි . . ච්ච
සොල්දර ගෙයි ගරාවැටෙන . . . . . එළියක් නැති ඇල් මැරි . . ච්ච
පිච්චෙනවා හිච්චි මල්ලි . . . . . කවිච්චියක මත දිර . . ච්ච.
රංගන දායකත්වය I මේධා ජයරත්න I ලක්ෂ්මන් මානවඩු I විනීතා චාන්දනී I ඊබ්රහිම් රිසාන් I ප්රසන්න රාජපක්ෂ I කශුනි එදිරිසූරිය