මෙවර Mirror Arts කතා බහ සමග එක් වූයේ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාරයි.
මේ දවස් වල නම් ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මොකද මේ දවස් වල තිර ගත වෙන ‘වාලම්පුරි’ චිත්‍රපටයේ ඔහු නිරූපණය කරන ‘සිඩ්නි’ ගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර බොහෝම ජනප්‍රියයි.
ඒ වගේම පසුගිය දවස්වල විකාශය උන ‘බැක්සයිඩ්’ ටෙලි නාට්‍යය හරහාත් ඔහුගෙන් විශිෂ්ට රංගනයක් දැක ගන්න පුළුවන් උනා.
මෙවර, 2025 රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශිෂ්ටතම නළුවා බවට පත් උනෙත් ඔහු.
ඒ ‘බැක්සයිඩ්’ ටෙලි නාට්‍යයේ ඔහු ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන්.
ඒ වගේම මේ දවස්වල තිර ගත වෙන ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටයේත් ඔහු ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙනවා.
ඇත්තටම කලා ක්ෂේත්‍රයෙ බොහෝ දෙනෙක් නම් කියන්නේ මේක ප්‍රියන්ත සිරිකුමාරගේ අවුරුද්ද කියලා.
ඉතින්, ‘Mirror Arts’ කතා බහේදී ප්‍රියන්ත මේ බොහෝ දේ ගැන කතා බහ කළා.
රංගනය ගැන අදහස් දක්වපු ඔහු ඒක කොතරම් බැරෑරුම් කටයුත්තක් ද කියන එක ගැන කතා කළා.
රංගනය ගැන වගේම එහි චරිත ගොඩනැංවීම වගේ කාරණා ගැනත් ඔහු ඉදිරිපත් කළ අදහස් මේ ගැන උනන්දු ඕනෑම කෙනෙකුට හරිම වැදගත් වේවි.
ඒ වගේම 'වාලම්පුරි' චිත්‍රපටයේ ඔහු රංගනයෙන් එක් වෙන ‘සිඩ්නි’ගේ චරිතය ගැනත් ඒ හා සම්බන්ධ සිය ජීව්න අත්දැකීම ගැනත් ඔහු සඳහන් කලේ හරිම රසවත් අදහස් ටිකක්.
‘සිඩ්නියි මායි අතර තියෙන වෙනස තමයි මම හොයා ගන්න බැලුවේ. සිඩ්නිව හොයා ගන්න නම් මම සිඩ්නිගෙන් මාව අයින් කර ගන්න ඕනෙ හා මගෙන් සිඩ්නිව වෙන් කර ගන්න ඕනෙ... අපි හැමෝම ඇතුළේ සිඩ්නි කෙනෙක් ඉන්නවා....
‘වාලම්පුරි’ චිත්‍රපටියේ පිටපතට මම කැමති කාරණයක් තමයි මගේ ජීවිතයේ ගමන් මාර්ගය ගත්තහම මමත් ජීවිතේ එක එක කාල වල එක එක පරිසර වල ජීවත් වෙච්ච පුද්ගලයෙක්...
අද වෙනකන් මගේ ජීවිතය ගත වෙච්ච ආකාරය ගත්තහම මේ චිත්‍රපටියේ ඉන්න හැම චරිතයක්ම මගේ ගමන් මාර්ගය තුළ ඉදලා තියනවා...’ මට සිඩ්නිගේ ආත්මය චරිතය තුළට දියකර ගන්න ලැබුණ ලොකුම අවස්ථාව ඒක හැටියට තමයි මම ගන්නේ.
ඉතින්, ප්‍රියන්ත සිරිකුමාර සහභාගී වූ සම්පූර්ණ වැඩ සටහන දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව හරහා නරඹන්න පුළුවන්.
එම වීඩියෝව පහතින් දැක්වලා තියනවා.
සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසිනි.