'චාවා' බොලිවුඩ් චිත්රපටය සිනමාශාලාවක නැරඹිය යුතුම චිත්රපටයක්.
දැඩි කාර්යබහුලත්වය නිසාම එම අවස්ථාව අවාසනාවකට පෞද්ගලිකවම මඟ හැරීම පිළිබඳ තියෙන්නේ දැඩි කණගාටුවක්. අවසානයේ රූපවාහිනී තිරයක් තුළ නරඹන්නට ලැබුණු 'චාවා' චිත්රපටය සිනමාත්මක අතින් පොහොසත් චිත්රපටයක් සහ ගුණාත්මක චිත්රපටයක් බව කිව යුතුය.
චිත්රපටය පිළිබඳ යමක් පවසනවා නම් ඓතිහාසික ශානරයේ සිනමාපටයක ප්රේක්ෂකයා බලාපොරොත්තු වන සියල්ලගෙන්ම සපිරි චිත්රපටයකි.
ප්රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනාගන්නේ මෙතෙක් කාලයක් ප්රේමවන්තයාගේ චරිතය රඟපෑ විකී කෞෂාල්ගේ ඉන්දියානු ඉතිහාසයේ විසූ අධිරාජ්යයකුගේ විශිෂ්ඨ චරිතය නිරූපණයයි.

වීර රසය ද, රෞද්ර රසයයෙන් ද පොහොසත් වන නිසාම චිත්රපටය විසින් ගොඩනඟන යථාර්ථය වඩාත් විශ්වසනීය වේ.
එම යුගය ප්රතිනිර්මාණය කරන ඇඳුම් පැළඳුම්, ගෘහ නිර්මාණ, යුධෝපකරණ, වේෂ නිරූපණය, මාළිගා පසුතල නිර්මාණය ආදී වඩාත් අවධානයක් දිනා ගන්නා අනුෂාංගික අංශ විසින් චිත්රපටයට ලැබී තිබුණේ අමිල වටිනාකමකි.
'චාවා' චිත්රපටයේ කතාව ගෙතෙන්නේ අතීත ඉන්දියාවේ විසු මරාත රාජධානියේ අධිරජ 'චත්රපති සම්භාජි මහාරාජ්' නමි ඓතිහාසික චරිතය ඇසුරිනි. චත්රපති මහරජතුමාගේ චරිතය නිරූපණය කරන්නේ විකී කෞෂාල් විසිනි.චත්රපතිගේ බිරිඳ හෙවත් යේසුබායි භොන්ස්ලේ රැජිණගේ චරිතය නිරූපණය කරන්නේ රශ්මිකා මන්දනා විසිනි. රශ්මිකා මෙි වනවිට ඉන්දියාවෙි සිටින වාසනාවන්තම නිළිය බවට කිසිදු සැකයක් නැහැ.මන්ද ඈ රඟපෑ ඇනිමල් , පුශ්පා 2 , චාවා, සිකන්දර් චිත්රපට සිව්වැන්න ආදායමි අතින් අති සාර්ථක විය. ශ්රී දේවි , අයිශ්වර්යා , දීපිකාට පසු මීළඟට බොලිවුඩයට පායන සුපිරි තාරකාව රශ්මිකා බවයි රසිකයන්ගේ අදහස නමි.

ච්ත්රපටය වඩාත් සාර්ථක වෙන්න අධ්යක්ෂවරයාගේ ආධ්යාශය (Director Intention) බෙහෙවින් බලපා ඇති බව පැහැදිලවම පෙනෙන්නට තිබෙන කාරණාවක්. ප්රේම, හාස්ය, ශානරයේ චිත්රපට තැනු ලක්ෂ්මන් උටෙිකාර් වැනි අධ්යක්ෂවරයකුගෙන් මෙවැනි ගණයේ බරපතළ චිත්රපටයක් සාර්ථක ලෙස ඔහු අධ්යක්ෂණය කර තිබීම ඔහු අනාගතයේ බොලිවුඩි සිනමාව වෙනුවෙන් කළ හැකි දේ පිළිබඳ ඉඟි සපයනවා.
'චාවා' ඓතිහාසික සිනමාපටයක්වුත්, චරිතාපාදාන චිත්රපටයක් වුත් නිසාවෙන් මෙම සම්මිශ්රණය නිවැරදිව අන්තර්ගත වී තිබීම ඔහු වෙනුවෙන් ලියැ වී තිබු ඉතිහාසමය පරිච්ඡේදය පැය දෙකයි විනාඩි තිහකට ලඝු කර තිබීම නීරස නොවන අයුරින් චිත්රපටය ගලාගෙන යාමට සැලැස්සවීම සහ සමබරතාව පවත්වාගෙන යාම සිනමාත්මකය.
චත්රපති සම්භාජි මහාරාජ් චරිතය ඉතිහාසය ලියැවී තිබු අයුරින් මනා සාධාරණයක් ඉටු කිරීම පිළිබඳ විකී කෞෂාල් වෙනුවෙන් ප්රශංසාවක් ඔහුට හිමි විය යුතුයි.
චිත්රපටය තුල තිබු ජාත්යාලීය හැඟීම, වීරත්වය, නිර්භීත බව, තම භූමිය වෙනුවෙන් පහර පිට පහර ගසනා කසයක් මෙන් ඔහුගේ කඩු ගෑම මෝගල්වරුන්ගේ අනුකමිපා විරහිත ප්රහාරයන් හමුවෙි රණශූරයෙකු ලෙසින් සිදු කරන සටන් මාලාව නම් නැරඹිය යුතුය.

කර්තෘ -මලින්ත විතානගේ-
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.