ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ට මර්සිඩෙස් බාර්චා මුණගැසුණේ ඇයට වයස අවුරුදු 13 දී.
පළමු මොහොතේ සිටම, මෙම ගැහැනු ළමයා ඔහුගේ සහකරු වනු ඇති බව මේ පිරිමි ළමයා දැන සිටියා.
දෙදෙනා තවමත් පාසල් පුටුවේ වාඩි වී සිටියදී පැකිලීමකින් තොරව, මාකේස් සිය ප්‍රේම යෝජනාව ඇයට පැවසුවා.
මර්සිඩෙස් කලේ එයට සිනාසීම පමණයි.
නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් ඇය ඉක්මන් වුණේත් නැහැ.
කාලය ඔවුන්ගේ ආදරයට අභියෝග කර එය ඔප්පු කරන බව තේරුම් ගෙන සිටියා.
අවුරුදු දහඅටකට පසු, මාකේස්ට වයස අවුරුදු 31 ක් වූ අතර ඔහු යොවුන් වියේදී කල පොරොන්දුව යථාර්ථයක් බවට පත් කිරීමට තරම් පරිණත වූ විට, ඔහු නැවතත් ඇයට නිල වශයෙන් සිය ප්‍රේමය යෝජනා කලා.එවිට මර්සිඩෙස් සැකයෙන් තොරව එයට එකඟ වුණා. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ ජීවිත එකට ගමන්කිරීම සඳහාම උපත ලබා ඇතිබව ඇය සැමවිටම විශ්වාස කල නිසා.
අනතුරුව ඔවුන් විවාහ වී, නිවසක් ගොඩනඟා, පුතුන් දෙදෙනෙකුට දෙමව්පියන් ද වුණා.
නමුත් ආදරය සැමවිටම සාමකාමී දිනවලින් පමණක් පෝෂණය වෙන්නේ නෑ .
මාකේස් "වසර සියයක් තනිකම" පොත ලිවීමට පටන් ගත් විට, ඔවුන්ගේ පවුලට විව්ධ අවශ්‍යතාවයක් ඇතිවුණා.
ස්ථිර ආදායමක් නොමැතිව තිබියදීත්, ඔහු සියලු කාලය සහ මහන්සිය ලිවීම සඳහා ගත කිරීමට තීරණය කලා.
මර්සිඩෙස් නිහඬව සියල්ලට උර දී, ඇගේ සැමියාගේ එකම ආධාරකය බවට පත්වුණා.
ආහාර මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් නොමැති දින තිබුණා.
දිගු රාත්‍රීන් තිබුණා. පොත ඔවුන්ගේ ඉරණම වෙනස් කරනු ඇතැයි විශ්වාස කරන එකම තැනැත්තිය වුණේ මර්සිඩෙස් පමණයි.
ආර්ථික ගැටලු විසඳා ගැනීමට වෙනත් මාර්ගයක් නොමැති විට, ලිවීම දිගටම කරගෙන යාම සඳහා මාකේස් තම මෝටර් රථය විකුණා දැමුවා.
මාස 18 කට පසු වැඩ අවසන් වන තුරු, කෙටුම්පත ප්රකාශකයාට යැවීමට පවා ඔවුන් සතුව ප්‍රමාණවත් මුදලක් තිබුණේ නැහැ.
ඒ අවස්ථාවේ දීත් මර්සිඩෙස් පසුබට වුණේ නැහැ. අත්පිටපත යැවීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලබා ගැනීම සඳහා ඇය විකිණිය හැකි සෑම අයිතමයක්ම - කෙස් වියළන යන්ත්‍රයේ සිට ගෘහ භාණ්ඩ දක්වා - විකුණා දැමුවා.
පොත සාර්ථක වේ යැයි කිසිවෙකුට සහතික විය නොහැකි නමුත් ඇය තවමත් තම සැමියාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරමින් සිටියා.ඔවුන් සියලු බලාපොරොත්තු අත්හැර හිස් අතින් බලාසිටියා.
සාර්ථකත්වය වටිනා ආශ්චර්යයක් ලෙස පැමිණිය හැකි වුණා.
"වසර සියයක තනිකම" වේගයෙන් ජනප්‍රිය වූ අතර, ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් බවට පත්වුණා.
සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ඇතුළු අසංඛ්‍යාත සම්මානවලින් මාකේස්ට ගෞරව කෙරුණා. නමුත් එම මාතෘකාවලට වඩා උතුම් දෙයක් තිබුනේ නම්, ඒ මර්සිඩෙස් පමණයි. ලෝකය ඔහුගේ නම නොදන්නා සමයක කිසිදු ස්ථිර පොරොන්දුවක් නොමැතිව සියල්ල කැප කළ මර්සිඩෙස් පමණයි.

මර්සිඩෙස් යනු දක්ෂයෙකුගේ බිරිඳ පමණක් නොවේ, ඇය ඔහුට පියාසර කිරීමට උදව් කළ පියාපත් යුගලක්. ඔහුට ස්ථාවරව සිටගන්න උදව් කළ ආධාරකයක්. ඔහුගේ මුළු ජීවිතයම ඔහුව විශ්වාස කිරීමට එඩිතර නොවූ විට පවා ඔහුව විශ්වාස කළ ගැහැනියක්.
අනුවර්තනය -කපිල.එම්.ගමගේ
( කපිල.එම්.ගමගේ මුහුණු පොත ඇසුරිනි)