lan englan tam

විශේෂාංග

‘මිල්ලේ සොයා’ ච්ත්‍රපටිය හදපු හැටි ගැන බූඩි කීර්තිසේන කියපු සංවේදී කථාව!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය දවසක ‘මිල්ලේ සොයා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වගේම තිර රචකයා උන බූඩි කීර්තිසේන චිත්‍රපටයේ පිටපත ලියන්න හේතු උන කාරණා ගැන ආපහු ඔහුගේ You Tube නාලිකාව හරහා අපූරු අදහස් දැක්වීමක් කරලා තිබුණා.

 ඔහුගේ අදහස් දැක්වීම මෙහි පහතින් දක්වනවා. ඊට කළින් මේ චිත්‍රපටය ගැනත් තොරතුරු ටිකක් ඔබට සඳහන් කරන්නම්,

‘මිල්ලේ සොයා’ චිත්‍රපටිය මුලින්ම තිරගත උනේ 2004 අවුරුද්දේ.

මේ චිත්‍රපටයට ලංකාවෙි අතිදක්ෂ රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා, ජැක්සන් ඇන්තනි, සනත් ගුණතිලක, කමල් අද්දරආරච්චි, සහ සංගීතා වීරරත්න ඇතුළු තවත් බොහෝ දෙනෙක් රංගනයෙන් දායක උනා.

චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භවෙන්නෙ 1997 වර්ෂයේදි.

චිත්‍රපටයේ රූගත කිරීම කටයුතු සිදුවෙන්නෙ ඉතාලියේ නේපල්ස්, පොසිටානෝ වල වගේම ලංකාවේ හලාවත ප්‍රදේශය මූලික කරගෙන.

චිත්‍රපටයේ කියවෙන්නෙ ලංකාවෙි සංගීත කණ්ඩායමක පිරිසක් ඉතාලි යන්න කරන වෑයම ගැන.

මේ කාලේ ලංකාවෙි යුධමය තත්වය නිසා තරුණයන්ගෙ අනාගත සිහින ඉෂ්ඨ කරගන්න බැරි තත්වයක් තිබුනා වගේම මෙි කාලේ ගොඩක් තරුණ තරුණියො රැකියා හොයාගෙන යුරෝපයට යන්න පටන්ගත්තා.

ගොඩක් අය යන්න උත්සහ කලේ ඉතාලියට.

ඉතින් මෙි චිත්‍රපටයේ ඉන්න තරුණ , තරුණියො කිහිපදෙනෙක් මෙි විදියට ඉතාලි යනව.

එයාලා ඉතාලි ගියාට පස්සෙ මුහුණ දෙන සිදුවිම් සහ එයාලා ලංකාවෙි ඉන්නකොට මුහුණ දෙන සිදුවිම් හරි අපූරුවට මිල්ලෙ සොයා ෆිල්ම් එකේ පෙළගස්වලා තියෙනවා.

මේ චිත්‍රපටය ලාංකේය සිනමාවට නවමු හැඩයක් ලබා දීපු චිත්‍රපටයක් විදිහට අදටත් කතාබහට ලක්වෙන  චිත්‍රපටියක්.

ඒ වගේම මේ චිත්‍රපටයේ තියන ලංකාවේ ඉතාම ජනප්‍රිය උන ගීතයක් තමයි ‘සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ’ කියන ගීතය. මේ ගීතයත් පහතින් දක්වලා තියනවා. මේ ගීතය ගායනා කරන අරුන් ලියොන් හා ජයශ්‍රී බෑන්ඩ් එකේ රෝහිතගේ හඩත්, සංගීතා වීරරත්නගේ හා මගේන්ද්‍ර පෙරේරා එක්වෙන චිත්‍රපටයේ දර්ශනයත් නැවතත් ‘මිල්ලේ සොයා’ චිත්‍රපටයේ මතකයට ඔබ ගෙන යනු නොඅනුමානයි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වගේම තිර රචකයා උන බූඩි කීර්තිසේන  ඔහුගේ You Tube නාලිකාව හරහා කරපු අදහස් දැක්වීම

 

 

Back to top
Go to bottom