lan englan tam

විශේෂාංග

එදා හඳමයි අදත් යෞවනයේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලූෂන් බුලත්සිංහල කියන්නේ අපට ඉන්න ප්‍රවීන කලාකරුවෙක්. ඔහු ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට වගේම කලාව වෙනුවෙන් සිදු කළ කාර්‍ය භාරයත් සුවිශේෂයි.

බොහෝ දෙනෙක්ට ඔහු රචනා කරපු අපූර්ව ගිත හරහාත් ඔහුව මතකයට නැගෙනවා නොඅනුමානයි.

කොළොම් තොට නැත මහළු වී, අහසින් තරුවක් කඩා වැටෙනවා, රජ මැදුරක ඉපදී සිටියානම්, සැන්දෑ අහස වගේ, තරු මල් යායම, යස ඉසුරූ පිරුණු තැනා.......   වගේ ගීත ඉන් කිහිපයක් පමණයි.

ඉතින්, පහුගිය දවසක මේ ප්‍රවීන කලාකරුවගේ සුව දුක් බැලීමට ගිය අවස්ථාවක හිනිදුම සුනිල් සෙනෙවි විසින් ඔහු සමග ලබා ගත් ඡායාරූපයක් සිය මුහුණු පොතට එක් කරලා තිබුණා.

ඒ අපූරු සටහනකුත් එක්ක. මේ අවස්ථාවට චිත්‍රපට අධ්‍යක්ෂක මාලක දේවප්‍රියත් එකතු වෙලා තිබුණා. 

බොහෝ දෙනෙක් මේ ඡායාරූපයට සමාජ මාධය හරහා ප්‍රතිචාර දක්වලා තිබුනේ ලූෂන් බුලත්සිංහලයන්ට  සිය ආදරය හා ගෞරවය පළ කරමින්.

පහතින් දක්වලා තියෙන්නේ ඡායාරූපය සමග සුනිල් සෙනෙවි විසින් ලියා තිබූ සටහන,

“එදා හඳ ම යි අදත් යෞව්වනයේ

මේ අපේ වීරයෝ. අපේ සංස්කෘතික ජීවිතය ඔසවා තැබූ මිනිස්සු. සිංහල ගීයේ රූපක රචකයා. වෙලාව කොපමණ හිඟ උනත් මේ වැඩිහිටියන් බලන්න ම ඕනෙ. කොළඹ රේල්ලුව රජ ගමනට ආවෙ නැතත්...ජීවිතේ නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් උනත්...රජ මැදුරක නොඉපදුනත්...යට ලීයෙන් නාරිලතා මල් නොපීදුනත්...සුදු නැන්දා ගේ දොර වහද්දි..තරුමල් යාය ම අහස් විලේ පොඩි වෙද්දි..අපි ඔයාට සුබ ප්‍රාර්ථනා කියමන් කියනවා දයාබර ලූෂන් අයියා.’’

(සුනිල් සෙනෙවිගේ මුහුණු පොත ඇසුරිනි)

Back to top
Go to bottom