lan englan tam

විශේෂාංග

'රා කඩයක මරණයක්' - Pravinkoodu Shappu

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
මලයාලමි සිනමාව ඉන්දියානු සිනමාව තුළ අන් සිනමා කර්මාන්තවලට වඩා වෙිගයෙන් අත්පත් කරගෙන සිටින යමක් තිබෙි.
ඒ ගුණාත්මකබවින් පොහොසත් ශූර තිර පිටපත් රචනයයි.
සුසාධිත තිර පිටපතක් සමඟ සමපාතවන ගැළපෙන නළු නිළියන් ද, කැමරාකරණය, සංස්කරණය සහ අධ්යක්ෂණය යන සිනමා අංශවලින් ද මලයාලමි සිනමාව අත්පත් කරගෙන ඇති පරාසය සුළුපටු නොවේ.
දමිළ, තෙළිඟු, හින්දි යන සිනමා කර්මාන්තවලට සාපේක්ෂව මලයාලමි සිනමා කර්මාන්තයක් ලෙස ඔවුන්ට ආවේණික වූ සිනමා සම්ප්රදායක් ගොඬනඟා ගෙන තිබේ.
2025 වසරට අදාළව තිරගත වූ 'Pravinkoodu Shappu' චිත්රපටය ගුණාත්මක සිනමා නිර්මාණයකි.
සිනමාව සහ යථාර්ථයේ බෙදුම් රේඛා බොඳ කරන 'Pravinkoodu Shappu' පැය දෙකයි විනාඩි තිහක් පුරා ප්රේක්ෂකයා හිඳ සිටින පුටුවේ තබාගන්නට යොදා ඇති නිර්මාණ ශක්තිය වඩාත් අවධානයට ලක් වෙයි.
ත්රීලර් - සස්පෙන්ස් ප්රවර්ගයේ චිත්රපටයක් විදියට ශානරගත වන 'Pravinkoodu Shappu' අභිරහස් මරණයක් වටා ⁣දිවෙන කුතුහලයේ ශ්රාවය මොහොතින් මොහොත වගුරුවයි.
සිනමාපටයේ චරිත බොහෝ වෙති. ඒ චරිතවලට අනන්ය වූ හැසීරිමි ද, ගති ස්වභාවයන් ද වෙති. ඒ ඔස්සේ ප්රේක්ෂකයා මංමුළාසහගත වීම වැළැක්විය හැකි නොවේ.
සිනමාපටයේ තිර පිටපත ජය ගන්නේ එතැනදිය.
නළු නිළි කැළ විසින් යොදන ස්වභාවික රංගනය සහ ඊට ලැබෙන කැමරාකරුගේ සහ සංස්කරණ ශිල්පියාගේ තාක්ෂණික දස්කමි කැපී පෙනෙයි.
නිදර්ශනයක් ලෙස රා කඩයේ පිටත සිදුවන ගැටුම්කාරී දර්ශනයේ අති උද්වේගකාරීබව සහ ප්රචණ්කාරී බව අදෘශ්යමාන කැපුම (Invisible Cut) සංස්කරණ ශිල්ප ක්රමය යටතේ සංස්කරණය වී ඇත.
සිනමාපටයේ ප්රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන 'සෞබින් ෂහීර්', 'බැසිල් ජෝසප්' සහ 'විනෝද් ජෝස්' තිදෙනාගේ කරට කර රංගනය විසින් චිත්රපටයේ කතා තේමාව තීව්ර කරන්නට සමත් වේ.
'Pravinkoodu Shappu' අධ්යක්ෂණය කර ඇත්තේ 'ශ්රීරාජ් ශ්රී නිවාසන්' නමැති නවමු අධ්යක්ෂවරයකු විසින්. මේ ඔහුගේ කුළුඳුල් චිත්රපටය වෙයි.
කුළුඳුල් චිත්රපටය වුව ද ඔහු චිත්රපට ගණනාවක් අධ්යක්ෂණය කළ පරිණත අධ්යක්ෂවරයකුගේ ලක්ෂණ ප්රකට කරයි.
ඔහුට අනාගතයේදී මලයාලමි සිනමාව වෙනුවෙන් කළ හැකි පෙරළියේ හැඩය කුමක්ද? යන්න දැනටමත් සනාථ කර අවසන්. 'Pravinkoodu Shappu' සාර්ථක චිත්රපටයකි. මලයාලම් සිනමා රසය ද කුතුහලයේ රසය ද එක සේ දනවන 'Pravinkoodu Shappu' යනු වසරේ නැරඹු හොඳම මලයාලම් චිත්රපටයක් ලෙස හැඳින්වීම සාධාරණ වේ.
 
476237625 2101514566935849 5297727973837240105 n
 
 
 
 
 
 
 
 
සටහන -මලින්ත විතානගේ-
(මලින්ත විතානගේගේ මුහුණු පොත ඇසුරිනි)
Back to top
Go to bottom