lan englan tam

O Oපේ

'රන් කෙවිට 03' චිත්‍රපටිය එනවද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උදයකාන්ත වර්ණසූරිය 2007 වර්ෂයේ  නිර්මාණය කළ  රන් කෙවිට පළමු චිත්‍රපටය ඔබට මතක ද?

ලාංකික සමාජයේ ජනප්‍රිය මිත්‍යා කථාවක් වෙන ‘ගොපළු යකා’ කියන සත්වයාගේ කථාව අරගෙන ඒක ලංකාවටම ගැළපෙන විදිහට create කරළා. Visual effects වැඩ ටිකකුත් එක්ක නිර්මාණය උන ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච film එකක්.

ran k1

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා තමයි ජනප්‍රිය සිනමාකරු උදයකාන්ත වර්ණසූරිය.

මේ චිත්‍රපටියට රංගනයෙන් එක් උන ළමා රංගන ශිල්පීන් දෙන්නත් බොහෝ දෙනෙක්ට තාමත් හොඳට මතක ඇති.චිත්‍රපටියේ ගොපළු යකාගෙන් රන් කෙවිට අරගන්නේ මේ දෙන්නා තමයි.

හරිත් සමරසිංහ 'සුරන්' විදියටත් හිෂාම් සම්සුදීන් 'ජනිත්' විදියටත් රඟපෑ 'රන් කෙවිට - 1 චිත්‍රපටියට රංගනයෙන් එක් උනා.

ඉතින් මේ ලබපු ජනප්‍රියත්වයත් එක්ක ආපහු 2013 දී ‘රන් කෙවිට 02’ චිත්‍රපටයකුත් නිර්මාණය උණා.

ran k 2

මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේ උදයකාන්ත වර්ණසූරියම තමයි.

කොහොම හරි මේ චිත්‍රපටි දෙකෙන්ම පස්සේ ඔන්න දැන් රන්කෙවිට තුන් වන චිත්‍රපටියක් ගැනත් නැවතත් කතා බහක් නිර්මාණය වෙලා තියනවා.

ඒ කතාබහට හේතුව වෙලා තිබුණෙ,  මේ දවස් වල මාධ්‍ය වල හුවමාරු වෙන්න ගත්තු රන් කෙවිට 3 හි පෝස්ටරයක්.

Ran Kewita 3

කොහොම නමුත් 'රන් කෙවිට 3' නිර්මාණයක් ගැන මීට කාලෙකට ඉහතදීත් කතාබහක් ඇතිවෙලා තිබුණා.

ඊට අනුව කියවුණේ, රන් කෙවිට චිත්‍රපටයේ තුන්වැනි කොටස නිර්මාණය කිරීමට මිලේනියම් එන්ටර්ටේන්මන්ට් චිත්‍රපට සමාගම බලාපොරොත්තු වන බවත් එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ද උදයකාන්ත වර්ණසූරිය විසින්ම වන බවයි.

ඒ විතරක් නෙවෙයි රන් කෙවිට තෙවැන්න නිර්මාණය කිරීමට සුදුසු කතාවක් රචනා කිරීමට රන් කෙවිට ප්‍රේක්ෂකයකුටම අවස්ථාව ලබා දීමට නිෂ්පාදන ආයතනය බලාපොරොත්තු වන බවත් කියවුණා.

ඉතින්, 'රන් කෙවිට 3'  චිත්‍රපටය ගැන නිල දැනුවත් කිරීමක් වෙනකන් අලුත් චිත්‍රපටය මොන වගේ වෙයි ද කියලා අදහස් බෙදා ගන්න රසිකයන්ට විවෘතයි.

 

 

Back to top
Go to bottom