මේ දවස් වල මෙරට ජනප්‍රිය සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසින් අධ්‍යක්ෂණය කරන ‘තංගමලේ ඩයරීස්’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වෙමින් පවතිනවා.
ඒ හපුතලේ ප්‍රදේශයේදීයි.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, විෂ්නු වාසු ඇතුලු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.
මෙම චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ද උපුල් සන්නගල විසිනුයි.
මේ විදිහට චිත්‍රපටයේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින අතරතුරේ උපුල් සන්නස්ගල විසින් අපූරු සටහනක් සිය මුහුණු පොතට එක් කරළා තිබුණා.
‘තංගමලේ ඩයරීස්’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ලබා ගත් ඡායාරූපයක් ද එම සටහනට සම්බන්ධ කරලා තිබුණා.
එම සටහන පහතින් දැක්වෙනවා.
(උපුටා ගැනීම)
“අකිරා කුරසෝවා ෆිල්ම් එකක් කරන්න ගිහින් කක්කුස්සියේදී බඩ කපාගත්ත කතාවෙන් පටන් ගමු.
සන්නා කියන්නේ එභෙම බඩ කපාගන්න එකෙක් නෙවෙයි.
ඒ කක්කුස්සිය ඇතුළට පැනලා අමිතාබ් බච්චන් ළගට දුවගෙන යන එකෙක්. සන්නා ගූ ගඳ නිසා සුවඳ කට්ටිය එතකොට පාරෙන් ඉවත් වෙලා ඉඩ දෙනවා. උන්ගේ ඇගේ ගූ ගෑවෙයි කියන බයට. සන්නා කොහොමත් ගූ නාල ඉන්නේ.
Slumdog Millionaire ෆිල්ම් එක බලන්න.
රටේ ලෝකේ අයියලා හැමදාම කළේ සිහින ඇති මල්ලිලා වැසිකිළියට දාලා දොර වහපු එක.
ෆොටෝ එක එව්වේ .
චන්න දේශප්‍රිය මිත්‍රයා “
(උපුල් සන්නස්ගලගේ මුහුණු පොත ඇසුරිනි)