ලොව ඉතිහාසගත මිලකට විකිණූ වීදි සිතුවම (ග්‍රැෆිටි චිත්‍රය )
ලොව ඉහළම මිලකට වෙන්දේසි වූ වීදි සිතුවම ( ග්‍රැෆිටි චිත්‍ර ) එයයි. එහි නිර්මාණකරුවා කලු ඇමෙරිකානුවෙකු වූ ජින් මිෂෙල් බාස්කුවෙටි ය. (Jean-Michel Basquiat ) ඔහු නිර්මාණය කළ හිස්කබල අතිශය බලගතු හිස්කබලකි. එය 1982 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සොතෙබි හි පැවති වෙන්දේසියේදී ඩොලර් මිලියන 110.5 කට අලෙවි වූ අතර එය වෙන්දේසියේදී මෙතෙක් අලෙවි වූ හයවන මිල අධිකම කලා කෘතිය බවට පත්විය. ඩොලර් මිලියන 100 සීමාව බිඳ දමා ඇත්තේ තවත් කෘති 10 ක් පමණි.
“ඔහු දැන් ෆ්‍රැන්සිස් බේකන් සහ පැබ්ලෝ පිකාසෝ මෙන් එකම ලීගයක සිටී” යැයි බාස්කුවෙට් ගේ සිතුවම් පිළිබද විශේෂඥ ජෙෆ්රි ඩීච් පවසා තිබුණි
එතරම්ම මිලකට සිතුවම ලංසු තැබූ මිනිසා කවරෙක්දැයි නොදැන වෙන්දේසියට පැමිණි මිනිසුන්ගේ කන් බිහිරි කරවන අත්පොලසන් නාදය මැකී යනවිට ජපාන ප්‍රකෝටිපති යුසාකු මේසාවා (Yusaku Maezawa ) තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ පෝස්ට් එකකින් තමා ගැනුම්කරු බව හෙළි කළේය. “ යුසාකු මෙසාවා යනු ජපානයේ විශාල අන්තර්ජාල විලාසිතා වෙළඳසැලක් වන සොසෝටවුන් හි නිර්මාතෘවරයාය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින්හි උපන් ජින් මිෂේල් බාස්කුවට් ග්‍රැෆිටි චිත්‍ර ශිල්පියෙකුගේ සිට චිත්‍ර එකතු කරන්නෙකු දක්වා ගියේ අවුරුදු හතක් වැනි කෙටි කාලයකදී ය. ඔහු 1988 දී මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කරන විටත් හේ අවුරුදු 27 වන වියේ පසු විය. පසුගිය වසරේදී, වෙන්දේසියේදී වැඩිම ආදායමක් උපයාගත් ඇමරිකානු කලාකරුවා බවට බාස්කුවට් පත්වූ අතර, කෘති 80 කින් ඩොලර් මිලියන 171.5 ක් උපයා ඇති බව ආර්ට්ප්රයිස් පුවත්පත වාර්තා කරයි.
සටහන: උපාලි ජයසිංහ