තව ජීවත් වෙන්න පුංචි කිරිල්ලියේ !
ජීවිතයේ හොඳම විනාඩිවල මරණය අඬගසන විට එය සමග තමා මේ මොහොතේ යා යුතු බව නිශ්චිතවම දන්නා අයෙකුට ගීත ගැයුව හැකි ද ? සමහර කිරිල්ලියෝ එසේ කරත්. ඒ ධෛර්යෙන් අනූන කිරිල්ලියන් පමණි. මහරගම අපේක්ෂා රෝහලේ හසිනි ශෂිකලා එවැනි ධෛර්යයෙන් අනූන එක් කිරිල්ලියකි.
වෛද්‍යවරු පවසා තිබුණේ ඇය පසුගිය ජනවාරි වනවිට මිය යන බව ය. එහෙත් ඒවා වැදගම්මකට නැති ප්රලාපයන් බවට පත්කරමින් ඇය මේ සීතල දෙසැම්බරයේදී ගී ගැයුවා ය. ඒවා යමෙකුගේ හදවත කඩා වැටෙන ශෝකී ගීත නම් නොවේ. ඒවා යමෙකුගේ හදවත මිහිරෙන් පුරවන, සුවපත් කරන, ජීවිතය ඉල්ලා සිටින ප්‍රේමයේ ගීතිකාවෝ ය. ඔබ ජීවත් විය යුතුයි හසිනී. ඔබේම දරුවන්ගේ ගීත අහන්නත්, ඔවුන්ගේ සිනහව දකින්නත් ‘‘අම්මා ‘‘ යනුවෙන් ඔවුන්ගේ ආදරණිය හඩ අහන්නත් ඔබ ජීවත් විය යුතුයි හසිනී! මේ ඔබ වෙනුවෙන් ජීවිතය ඉල්ලා සිටින ඔබට ආදරය කරන කෙනෙකුගේ කවියක්. අඩුම තරමේ දැන් ඔබ දන්නවා ඔබට ආදරය කරන මිනිස්සු ඉන්න බව ඔවුන් වෙනුවෙන්වත් තව ජීවත් වෙන්න පුංචි කිරිල්ලියේ !
රෝ බිය නැමැති බාධක ගල් පරයෙ ගැටී
බෝ සේ දිටිමි ජීවන රළ බිඳෙන හැටී
පෙණ පිඬු යැයි සිතා විසිරෙන කඳුළු කැටී
දෝතට අරන් හිනැහෙන එක බෝම වටි
-කෝෂිලා සෙව්වන්දි-
උපාලි ජයසිංහ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත්ත කි.