දුර්වලයෙකුට ඉඩ දෙන පීඩිතයෙක් නොවන්න
නිවේදකයා - ඔබ පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
Rihanna - මම කිසිම දෙයක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. අපි එතනින් කතාව පටන්ගමු..
නිවේදකයා - අද ඔබ නිවසට යද්දි හම්බුනු සම්මානයට වඩා දේවල් අරගෙන යාවි නේද? සමහර විට ගොඩාක් පිරිමි ඔබ සමග පැමිනේවි.
Taylor Swift - මම අද රෑ කිසිම පිරිමියෙක් එක්ක මගේ ගෙදරට යන්නෙ නෑ.. මම යාලුවෝ එක්ක එලියට යනවා ඊට පස්සේ මම කාලය ගත කරන්නෙ සුරතලයට හදන පූසන් එක්ක
නිවේදකයා - ඔබ යට ඇඳුම් අදිනවාද?
Scarlett Johansson - මොන විදියේ ප්‍රශ්නයක්ද මේ? කවදා ඉදන්ද මිනිස්සු තවත් මනුස්සයෙක්ගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න පටන්ගත්තේ? ඇත්තටම මොන විදියේ ඉන්ටර්වීව් එකක්ද ඔබ මම සමග කරන්නේ?
නිවේදකයා -අවසාන අවස්ථව ලෙස ඔබට දුරකථනය සහ මේකප් වලින් එකක් තෝරාගන්නට කීවොත් ඔබ ඒ දෙකෙන් තෝරාගන්නේ මොකද්ද?
Ariana Grande - ඔබ හිතනවද ගෑනුන්ට මේ දෙකෙන් එකක් තෝරගැනීමේ අපහසුවක් තියෙනවා කියලා ?
නිවේදකයා- ඔබ කොහොමද ඔබේ පෞද්ගලික ජීවිතය සහ රැකියාව සමබරව කරගෙන යන්නේ?
Keira Knightley - දැන් ඔබ ඔය ප්රශ්නය අද රෑට පිරිමින්ගෙනුත් අහනවද?
නිවේදකයා - ඇතැම් අවස්ථා වල ඔවුන් ඔබව ලිංගික යොමුකිරිම් වලට මුල්තැන දීම ගැන කණගාටුවක් නැද්ද? එයින් ඔබේ සංගීත ජීවිතයට හානියක් නැද්ද?
Lady Gaga - නෑ...ඇත්තටම නෑ.. මට නම්බර් වන් රෙකෝඩ්ස් තුනක් තියෙනවා. මම මිලියන හතරකට අධික ඇල්බම් ප්‍රමාණයක් ලෝකය පුරා විකුණලා තියෙනවා. මම පිරිමියෙක් වෙලා ඔබ ඔය ප්රශ්නය මගෙන් ඇහුවොත් මම උත්තර දෙයි මම ආසයි කෙල්ලන්ව ඇසුරු කරන්න වගේම රේස් කාර්ස් වලට කියලා. එහෙනම් ඔබත් මට රොක් ස්ටාර් කෙනෙක් කියයි. ඒත් මම ගැහැනියක්. ඒ නිසා ඔබ මට චරිත සහතික දෙනවා.. එහෙම දෙයක් නෑ.. මමත් රොක් ස්ටාර් කෙනෙක්..
ලෝකප්‍රකට තරු වලින් විවිධ අවස්ථාවන්හීදී විවිධ නිවේදකයන් ඇසූ විකාර රූපි ප්‍රශ්න වලට ඔවුන් ඒ කුහක මාධ්‍යවේදීන්ට කට උත්තර නැති වෙන්නට පිළිතුරු දුන්නේ මෙසේය. ඔවුන්වත් ඒ අයුරින් ලෝකයා විසින් විනිශ්චය කරනවා නම් අප ගැන කවර කතාද?
ඒනිසා, අදාල තැනදී, අදාල පුද්ගලයාට අවශ්‍ය පිළිතුර දෙන්නට කිසිම විටෙක මැලි නොවන්න. ඔබේ නිහඬ බව විටෙක තවත් කෙනෙක් ඔබව රිද්දන්නට පාවිච්චි කරනා අවියක් විය හැකිය, තවත් විටෙක ඔබට යමක් නොලැබීමට ඉඩ ඇති කරන්නක් විය හැකිය, එසේත් නැති නම් ඔබේ පෞරුෂය හීන කරන්නක් විය හැකිය.
කොහොමත් කෙලින් කතාවට තැනක් නැති වග අත්දැකීමෙන් දනිමි. නමුත් කිසිම දිනෙක එය නොනවත්වන්න. එය ඔබගේ මානසික සහනයට බොහෝ ලෙස හේතුවන්නකි. කිසියම් පුද්ගලයෙක් ඔබගේ මුහුණට අනවශ්‍ය ප්‍රශ්න අසනවා නම්, ඔබව අපහසුතාවයට පත්කරන්න හදනවා නම් දුර්වලයෙකුට ඉඩ දී සිටින්නට තරම් පීඩිතයෙක් නොවන්න.
සටහන : සිදංගනා ඉරුගල්බණ්ඩාර
සටහන උපුටා ගැන්මකි