ජෝකර් ගැන ජිජැක් - 1 කොටස
================================
කවුරුන් හෝ හොලිවුඩ් සිනමාව ගැන ප්‍රසාදයෙන් අදහස් දක්වනකොට, ටොඩ් පිලිප්ස් 'ජෝකර්' වගේ ෆිල්ම් එකක් හදපු එක වෙන්න පුලුවන් දෙයක් කියලා කියද්දි, 'ජෝකර්' ආදායම් වාර්තා බිඳහෙලන දැවැන්ත ෆිල්ම් එකක්ය කියලා ජනතාවට හිතෙනවා. කොහොම හරි 'ජෝකර්' ෆිල්ම් එක ජනප්‍රිය වෙන්නෙ, ඒකෙ තියෙන පාර ප්රබන්ධමය හැඩය නිසායි. බැට්මෑන්ගේ කතාවේ සතුරු නැතිනම් අඳුරු පක්ෂය පටන්ගත්ත විදිය ගැන ජෝකර් හේතු සපයනවා. බැට්මෑන්ගේ ප්‍රබන්ධයේ සිට ඒ බලවේගයේ ප්‍රතිඵලය දක්වා වූ සිදුවීම්වලට අදාළ ප්‍රධාන මූලය ලෙස නොපෙනී සිටිමින් එය ක්‍රියාකරනවා.
අපි බලමු 'ජෝකර්' ගැන මේ කියපු ප්‍රබන්ධය ඉවත්කරලා; ශෝකජනක අත්දැකීම්වලින් වින්දිත කුඩා දරුවෙක් අමාරුවෙන් හරි නොමැරී ජීවත්වෙන්න කවටයකුගේ වෙස්මූණක් පාවිච්චි කළා කියලා විතරක් හිතලා? එහෙම හිතුවට ඒක හරියන්නෙ නෑ, ගැළපෙන්නෙ නෑ. එතකොට ඒක තවත් එක් යථාර්ථවාදී නාට්‍යයක් විතරක් වෙනවා. 'ටයිම් අවුට්' සඟරාව 'ජෝකර්' ෆිල්ම් එක දැක්කේ, පශ්චාත් ධනවාදමය අවධියක ඇත්තටම පෙනෙන නපුරු සිහිනයක දර්ශනයක් විදියටයි. ඔවුන් එය වර්ගීකරණය කළේ, සමාජයීය සංත්රාසමය සිනමාපටයක් විදියට. මෑතක් වනතුරු එවැනි දෙයක් මවාගන්න බැරි දෙයක් වුණා. සමාජයේ දුක්ඛිතබව පෙන්වන සත්‍යමය වූ සංකීර්ණ තත්වයක් සහ භීතියක ෆැන්ටසි තත්වයක් කියන කිසිම සමානකමක් නැති ප්‍රභේද දෙකක් එකතුකිරීමක්.
මාධ්‍ය මගින් කැඩපතක් ලෙස පෙන්නුම් කරන දේශපාලන අවකාශයේ ආකාර තුනක් 'ජෝකර්' පෙන්වා දෙනවා.
1.කන්සවේටිව් පක්ෂයේ අය හිතනවා මේ ෆිල්ම් එකෙන් නරඹන්නො ප්‍රචණ්ඩකාරී වෙයි කියලා.
2.මෙය වර්ගවාදය හා සම්බන්ධ බවට( සිනමාපටයේ ආරම්භයේදී පිරිමි ළමයි රංචුවක් ආතර්ට පහරදෙන දර්ශනයේදී පවා) ආකාර දෙකක වශීකරගැනීමක් සහ ප්රචණ්ඩමත්වයෙන් අන්ධ වූ ආකාරයක් විදියට දේශපාලන වශයෙන් නිවැරදි නිදහස් මතධාරීන් පැහැදිලි කරනවා.
3.වාමවාදීන් එය සමරන්නේ, අපේ සමාජයේ ඇති සාහසික ස්වභාවය වර්ධනය වීමට අදාළ විශ්වාසනීය සෞන්ධර්යාත්මක ප්රකාශනයක් ලෙසයි.
ඇත්තටම හැබෑ ජීවිතයේදී 'ජෝකර්'ව අනුකරණය කරන්න නරඹන්නන්ව පෙළඹවනව ද? කිසිසේත්ම නැහැ. ජෝකර් චරිතය ඉදිරිපත් වෙන්නෙ, නිශ්චිත අනන්‍යතාවක හැඩයක් විදියට නොවීම එයට සරලම හේතුවයි. 'ජෝකර්' බලද්දි, නරඹන්නන් වන අපට ඒ චරිතය මේ ආකාරයි කියලා නියම ආකාරයෙන් අනන්‍යතාවක් ඉදිරිපත් කරන්න බැහැ. ඔහු සිනමාපටය අවසානය දක්වාම ඉන්නේ, ආගන්තුකයෙක් විදියටයි.
'ජෝකර්' ෆිල්ම් එක නිකුත්වෙන්න කලින් එය, නරඹන්නන්ව ප්‍රචණ්ඩත්වයට පොළඹවාවි කියලා මාධ්‍ය ප්‍රකාශ කළා. ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් විශේෂයෙන් අනතුරු ඇඟෙව්වා ඉන්සෙල්ස්ලා(ආදරය කිරීමට අයෙක් හෝ ලිංගික ආශ්වාදය ලැබීමට අයෙක් නොමැතිව, අන්තරාවර්තී හෝ හුදකලා වූ එක්තරා සමාජ කොට්ඨාසයක්) ජෝකර් අනුකරණය කරාවි කියලා. ඒත් සිනමාපටය නිසා සිදු වූ කිසිම ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණා ද? නැහැ. 'ජෝකර්' නිකුත් වුණායින් පස්සේ කොයි විදියකින් ඒක අර්ථ දක්වනව ද කියලා විචාරකයන් දැන සිටියේ නැහැ. 'ජෝකර්' කියන්නේ විනෝදය සපයන තවත් එක පුද්ගලයෙක් විතර ද?(හරියට බැට්මෑන් ෆිල්ම් මාලාවේ වගේ) නැතිනම් ඒ ෆිල්ම් එක ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ මානසික රෝගයක් පටන්ගත්ත විදිය ගැන කරපු ගැඹුරු අධ්‍යනයක් ද? සමාජමය විවේචනයක අභ්‍යාසයක් හෝ පෙර පුහුණුවක් ද?
මයිකල් මුරේ තමන්ගේ රැඩිකල්මය වාමවාදී ස්ථාවරයේ සිටිමින් ජෝකර් ගැන මෙහෙම කියනවා. “සමාජ විමර්ශනයක කාලානුරූපී කැබැල්ලක් සහ වර්තමාන ඇමෙරිකාවේ සමාජ ප්රශ්නවල ප්‍රතිවිපාක පෙන්වන කදිම සිතුවමක්.” ආතර් ෆ්ලෙක් ජෝකර් බවට පත්වුණේ කොහොමද කියල ඒ ෆිල්ම් එක ක්‍රමයෙන් විස්තර කරනවා. ඒ අතරතුර බැංකු සේවකයන්ගෙ චරිත, සෞඛ්‍ය සේවයේ බිඳවැටීම, දිළින්දන් සහ ධනවතුන් අතර පවතින බෙදීම ගැනත් විස්තර ගෙනඑනවා.
ඒනිසා “අපේ රට තියන්නෙ බලාපොරොත්තු සුන් වූ තත්වයක/ අපේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් තීරුතීරුවලට ඉරිලා/ කට්ට උන්මන්තකයෙක් නිසා රැජින න්‍යෂ්ටික තාක්ෂණයට සම්බන්ධ සංකීර්ණ අදහස්වලට පිවිසෙන්න පුලුවන්/ මොකක්දෝ හේතුවකට මේ ෆිල්ම් එක අපි බයකරවනසුලු එකක්/ මේ ෆිල්ම් එක නොබලා ඉන්න කියන එකයි සමාජයට දෙන බලවත්ම අනතුරු ඇඟවීම ” වැනි මත ඉදිරිපත් කරමින් , ජෝකර් සිනමාපටය නිකුත්වීම ගැන බයෙන් හිටපු පිරිසට මුරේ සරදම් කරනවා.
“මේ ෆිල්ම් එක ට්‍රම්ප් ගැන නෙමෙයි. ට්‍රම්ප්ව අපිට දීපු ඇමරිකාව ගැනයි. තමන්ගේ පැලැන්තියෙන්, කුලයෙන් එහා අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැති ඇමෙරිකාව ගැනයි. ජෝකර් නිසා භීතිය සහ විරෝධාකල්ප ඉස්මතුවෙනවා කියලා කියන එක එක්තරා ප්‍රයෝගයක්, උගුලක්. මොකද අපි එතකොට අපේ සහෝදර මිනිසුන්ව විනාශයට ගෙන යන ඇත්තම සංත්රාසය මොකක්ද කියලා දකින්නෙ නැහැ. ජෝකර් ෆිල්ම් එකේ තිබෙන්නේ, මිලියන 30ක ඇමරිකානුවන්ට සෞඛ්‍ය රක්ෂණ නැතිවෙන්න බලපාපු ප්රචණ්ඩත්වය ගැනයි. මිලියන ගණනක දූෂිත ගැහැනුයි ළමයිනුයි භීතියෙන් ජීවත්වෙන්න හේතුවුණු ප්රචණ්ඩත්වය ගැනයි”
© ඩිල්ෂානි චතුරිකා දාබරේ
(The philosophical salon .com)