2019 වසරේ ශ්‍රී ලංකාවෙන් එපිට පැවති අන්තර්ජාතික සිනමා උලෙළයන්හී ජූරි සභාවන් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයින්...
[*A*] පූර්ණ නිෂ්පාදිත සිනමාපට විනිශ්චය වෙනුවෙන්...
(01). ප්‍රසන්න විතානගේ - ජගත් තරග ජූරිය- 17 වෙනි පූනේ අන්තර්ජාතික සිනමා උලෙළ, ඉන්දියාව [World Competition Jury: 17th Pune IFF, January 2019]
(02). ඈෂ්ලි රත්නවිභූෂන- නෙට්පැක් ජූරිය (සභාපති) - 36 වෙනි බූසාන් අන්තර්ජාතික කෙටි සිනමාපට උලෙළ, දකුණු කොරියාව [Netpac Jury- Chairman: 36th Busan International Short FF, April 2019]
(03). විජිත ගුණරත්න - අන්තර්ජාතික ජූරිය- 03 වෙනි සෙවෑ දො වොගෝ අන්තර්ජාතික සිනමා උලෙළ, පෘතුගාලය [International Jury: 03rd Sever do Vouga IFF, May-June 2019]
(04). යශෝදා විමලධර්ම- අන්තර්ජාතික ජූරිය- 03 වෙනි සිංගප්පූරු දකුණු ආසියානු අන්තර්ජාතික සිනමා උලෙළ, සිංගප්පූරුව [International Jury: 03rd Singapore South Asian IFF, Aug- Sep 2019]
(05). විමුක්ති ජයසුන්දර- අන්තර්ජාතික ජූරිය- 11 වෙනි DMZ අන්තර්ජාතික වාර්තා සිනමාපට උලෙළ, දකුණු කොරියාව [International Jury: 11th DMZ International Documentary FF, September 2019]
(06). අනෝමා රාජකරුණා- අන්තර්ජාතික හා ජාතික වාර්තා සිනමාපට ජූරිය (සභාපතිනිය)- 04 වෙනි ස්ලෙමානි අන්තර්ජාතික සිනමා උලෙළ- ඉරාකය [International & National Documentary Film Jury- Chairperson: 4th Slemani IFF, October 2019]
(07). ප්‍රසන්න විතානගේ- නෙට්පැක් ජූරිය- 24 වෙනි කේරල අන්තර්ජාතික සිනමා උලෙළ [Netpac Jury: 24th IFF of Kerala, December 2019]
[*B*] නිෂ්පාදන හා පසු නිෂ්පාදන අදියරේ පවතින සිනමා ව්‍යාපෘති විනිශ්චය වෙනුවෙන්..
(01). ධනුෂ්ක ගුණතිලක- බෝල්ටික් ඉවෙන්ට් වර්ක්ස් ඉන් ප්‍රොග්‍රෙස් ජූරිය- 23 වෙනි ටාලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළ- එස්තෝනියාව [Baltic Event Works in Progress Jury: 23rd Tallinn Black Nights FF, November 2019]
[සැ.යු; ලංකා බණ්ඩාරනායක හට 2019 වසරේ මැකාවුහී පැවති 10 වෙනි සවුන්ඩ් ඇන්ඩ් ඉමේජ් චැලෙන්ජ් අන්තර්ජාතික උලෙළේ (10th Sound & Image Challenge International Festival) මූලික වටයන්ට අදාලව කෙටි සිනමාපට තේරීම සඳහා වූ කමිටුව හෙවත් තේරීම් ජුරීයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවුව ද, අවසන් වටයට සුදුසුකම් ලද සිනමාපට විනිශ්චයට ලක්කරමින් උලෙළේ ජයග්‍රාහකයින් තේරූ අවසන් නිළ ජූරියට (Grand Jury) ඇය ඇතුලත් නොවීය.]
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි