"විෂම භාග", "සුනාමි" සම්මාන ලබමින් එකට ගැටෙන ඩ්‍රක් අන්තර්ජාතික සිනමා උලෙළ
ස්ථානගතවීම: පාරෝ- භූතානය
උලෙළේ ආරම්භය: 2019 මැයි සිට
පළමු තරගය පැවැත්වීම: 2019 ජූනි
උලෙළේ ස්වභාවය: අන්තර්ජාතික සිනමා තරග උලෙළයන් (Festivals of International Film Competitions) කාණ්ඩයට අයත් උලෙළ කි.
තරගකාරිත්වයේ ස්වභාවය:
සෑම මසකම එක් තරගයක් බැගින් පවත්වා ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කෙරේ. එලෙස මාසිකව ජයග්‍රහණය කරන්නන්, වාර්ෂිකව පැවැත්වෙන උලෙළ සදහා නිර්දේශිතයින් (Nominees) ලෙස සුදුසුකම් ලබ යි.
ඒ අනුව 2019- ජූනි අදියර නියෝජනය කරමින් ලලිත් රත්නායකගේ "විෂම භාග" සම්මාන 03කින් ද, 2019- දෙසැම්බර් අදියර නියෝජනය කරමින් සෝමරත්න දිසානායකගේ "සුනාමි" සම්මාන 04කින් ද පිදුම් ලැබී ය.
සිනමාපට ප්‍රදර්ශනය: තරග උලෙළක් නිසාවෙන් සිනමාශාලා උපයෝගී කොටගනිමින් සිනමාපට මාසිකව ප්‍රදර්ශනය නොකෙරේ. එහෙත් මාසිකව ජයග්‍රහණය කරන සිනමාපට අතුරින් කෙටි සිනමාපට කිහිපයක් පමණක් තෝරාගෙන කිසියම් ස්ථානයක ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් ප්‍රදර්ශනය කෙරේ. එනමුදු වාර්ෂික තරග උලෙළේ දී, ඒ සදහා නිර්දේශ වූ සිනමාපට අතුරින් සීමිත සංඛ්‍යාවක් තෝරාගෙන සිනමාශාලාවක් තුල මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.
සම්මානයන්ගේ ස්භාවය: ඒ ඒ සම්මාන කාණ්ඩයේ පිරිනමන ඉහළම සම්මානය 'ජයග්‍රාහකයා' ( Winner) නම් වේ. ඊට අමතරව ජූරිය විසින් පිරිනමන "විශිෂ්ටතා සම්මානය" (Outstanding Achievement Award) සහ විචාරකයින් විසින් පිරිනමන "විචාරක තේරීම් සම්මානය" (Critics' Choice Award) ඊට පසු පසින් ශ්‍රේණිගත වේ.
2019 ජූලි අදියරේදී " විෂම භාග" ලද සම්මාන 03 යි
(1). Winner - Best Supporting Actor: ජැක්සන් ඇන්තනී
(2). Winner- Best Educational film
(3). Outstanding Achievement Award for Debut Filmmaker: ලලිත් රත්නායක
2019 දෙසැම්බර් අදියරේදී "සුනාමි" ලද සම්මාන 04 යි
(1). Winner - Best Cinematography: විශ්වා බාලසූරිය
(2). Outstanding Achievement Award for Best Director: සෝමරත්න දිසානායක
(3). Outstanding Achievement Award for Best Actress: නිරංජනී ශන්මුගරාජා
(4). Critics' Choice Award for Narrative Feature
මේ අනුව, ඩ්‍රක් අන්තර්ජාතික සිනමා උලෙළ යටතේ පළමු වරට 2020 අප්‍රියෙල් මාසයේ පැවැත්වෙන "ස්වර්ණ මකරා සම්මාන" (Golden Dragon Awards) නම් වූ වාර්ෂික උලෙළ සඳහා "විෂම භාග" සහ "සුනාමි" නිර්දේශයන් ලබා ඇත.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි