අභිෂේකා විමලවීර ගායන හැකියාව මෙන්ම ගීත රචනා හැකියාව ද පෙන්වමින් සිටින නිසර්ග කුශලතා පිරි නූතනයෙ කලාකාරිණියකි. ඇය සිය ගීත රචනා කලාව වෙනත්ම දිශානිතියකට යොමුකරමින් තවම පණ තියෙනවා නමින් ගීතයක් රචනා කර තිබේ.මෙම ගීතයේ තනු නිර්මාණය ඇයගේය.
එහි රූපරචනාව තුළින් නවක වදය තුළ හිංසනයට පත්වන සංක්‍රාන්ති ලිංගික තරුණියකගේ හිතක හැගීම් සියුම්ව ප්රකාශනය කරයි. අභිෂේකා ඒ හැගීම් සියුම්ව සිය ගීත රචනාව තුළට ගෙන ඇති ආකාරය අතිශය මානුෂීය බවත් ඇති කරවයි. එය වඩාත් අර්ථ ගැන්වෙන්නේ ගීත රචනාවට ද අපූරු රූපමය රචනාවක් කිරීමට කසුන් මහේන්ද්‍ර හීනටිගල සමත්ව තිබීමත් සමගය. තෝරාගෙන ඇති රංගන ශිල්පීන් තුළින් අභිෂේකාගේ පද වලට යථාරූපි අර්ථයක් දෙන්නට කසුන් සමත්ව තිබේ.
අභිසේකාගේ මේ ගීතය මේ වනවිට යූටියුබයේ බොහෝ දෙනා නරඹමින් ඊට අදහස් එකතු කරමින් සිටිති.
ඇගේ ගේ මේ ප්‍රවිශ්ටය අගය කළයුතුය. මන්ද බොහෝ හරසුන් ගීත රචනා සංගීතය මුසුකොට ගීත ලෙස රසවිඳින තරුණ පරම්පරාවකට මෙවන් අර්ථයක් ඇති ගීත රචනාවන් මෙන්ම අරුත් පිරි රූප රචනා කලාවක්ද ගොඩ නැගීම කාලීන අවශ්යයතාවකි. එහෙයින් මහ නොහැර ඒ මොහොතේම එවන් දක්ෂතා අගය කළයුතුය.
අභිෂේකා ඔබ සෙමින් වුවද බර සාර ගමනක් ඉදිරියට යාහැකිය. ඔබ ඒ මග එළිපෙහෙලිකොට ගෙන ඉවසීමෙන් සහ හැදෑරීමෙන් යායුතුය. ගීත රචනා කරමින් ඒවා මධුරව ගයමින් ඔබ යන ඔබේ ගමන ලාංකේය සංගීත සාහිත්‍ය පෝෂණය කරනු නිසැකය. ඔබට එහි නිසි තැන හිමිවනු නිසැකය.
කසුන් ටද නැවුම් රූප රචනා කලාවක් තව දුරටත් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ නව පේ‍්‍රමය පිළිබඳ අර්ථකථනය ඉදිරි පියවරකි.
https://youtu.be/aCbh3NCCqZA?list=RDaCbh3NCCqZA&t=2
ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා
හත් මාල නළල් පට නෑ
සුදු නෙලුම් රෝස පෙති නෑ
නෙත් අඳුන් යටින්
ගලනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා
ගිනි කඳුළෙන් දෙමට මලෙන්
නයි කඳුළෙන් නුග කොළයෙන්
ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
දිරිය අරන් පිපියන්...
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා.
සාරා සමරසේකර
Artiste - Visharada Abhisheka Wimalaweera • A Film by Kasun Mahendra Heenatigala • Produced by - Nipuni Amarasinghe & Heenatigala Films • Starring - Ashan Dias / Bhoomi Harendran / Abhisheka Wimalaweera ♪ Lyrics - Abhisheka Wimalaweera ♪ Melody- Abhisheka Wimalaweera ♪ Music composing & Arrangements | Senanga Dissanayake-wayo ♪ Recording Engineer | Amala Mihiranga @BrickHouse ♪ Mixing & Mastering | Vinod Melpitiya @wayo MixHouse Drums | Kaushan Wijesuriya Guitars | Ricky Meddegoda Sitar | Mahesh Pathmakumara Violin | Rukshan Gunawardhana/Thisara Bandara Cello | Rochana Ramanayaka Director & Script - Kasun Mahendra Heenatigala Director of Photography - Srinika Liyanage Video Editor & Colorist - Hasitha Jayasanka Art Director - Sandun Madurapperuma Makeup - Tharindu Pathirathna Costume Designer - Nipun Chathuranga Assistant Director - Nalinda Dharmasiri Art Assistant - Mahesh Kumar Poster Designer - Sanjaya Epa Senevirathne Still Photographer - Buddhima Malepathirana