අරුණ පුවත්පත ඉරිදා විශේෂාංග කර්තෘ මිහිරි ෆොන්සේකා පසුගියදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහයන්ගේ 'හිතක මතක' කෘතිය පිළිබඳව සරල නමුත්, ඉතා වටිනා විමසුමක් කර ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් පළ කර තිබේ. එම සටහන පහතින් පළ වේ.
වෘෂණ කෝෂ ,ඩිම්බ කෝෂ අතරේ "හිතක මතක"
මා කියැවූ විශිෂ්ටතම චරිත කතාව "ජේ.ආර්.ජයවර්ධන " කෘතිය බවට කී කතාව ඉල්ලා අස්කර ගැනීමේ තැනට මට වැඩ සිද්ධ වී තිබේ.ඒ තැනට වැඩ සැලැස්වූයේ මාගේ වරදකින් නොවැ කරුණාරත්න අමරසිංහයන්ගේ වාග් කෝෂය පිරුණු "හිතක මතක "කෘතිය බව සලකණු මනාය.. එය කරුණාරත්න අමරසිංහයන්ගේ ජීවිත කතාවම නොවුණ ද ජීවිත කතාවට එහි අඩු තව තුනපහ,ලුණු ටිකක් පමණි.
පස්යාලේ සිට රස්සාවට දෛනිකව කොළඹ බලා එන ගමනේදී බසයේ ආසනයක් නැති කල හිටගෙනම එම කෘතිය එක හුස්මටම කියැවීමට තරම් මම පිස්සු වැටුණේ කරුණාරත්න අමරසිංහයන්ගේ වාග් කෝෂයේ රහය. .බසසේ එන අතරේ නෙත් පිනවීමේ පුරුද්දෙන් මා මේ දිනවල මුදා ගෙන දැහැනට සමවැදීමේ ගෞරවය හිමිවිය යුත්තේ අමරසිංහයන්ගේ "හිතක මතක"ය.
මාටින් වික්‍රමසිංහ ,එදිරිවීර සරච්චන්ද්‍ර ,ගුණදාස අමරසේකර ,ඩොල්ටන් අල්විස්.,මහගම සේකර,කේ.ජයතිලක,චන්දාරත්න මානවසිංහ ඇතුළු මහ නඩයක් ඔබට 'හිතක මතක "..කියවීමෙන් ඊයම් බරුවක් සේ හද පත්ලටම කිදා බස්සවා ගතහැකි බව මම කියමි.
පිරිමියකු ලෙස වෘෂණ කෝෂ තිබුණද කරුණාරත්න අමරසිංහයන්ට ඇති වාග් කෝෂයට අපට ඊෂියා හිතෙන සුළු වන්නේ අප තවමත් නිර්වාණ සම්පත්තිය අවබෝධ නොකර ගත් පෘතග්ජනයන් වන නිසාය.
විශ්ව විද්‍යලයේදී මම වරක් කරුණාරත්න අමරසිංහයන්ගේ දෙසුමකට සවන් දුන්නෙමි.සිංහල හදාරණ තරුණයන්ට වෘෂණ කෝෂ ද තරුණියන්ට ඩිම්බ කෝෂ ද තිබුණද වාග් කෝෂය නැතිනම් ඵලක් නැති බව ඔහු කී බව මට තවමත් මතක ඒ වාග් චාතුර්යය ගලේ කෙටූ අකුරක් මෙන් මනසේ ඇති නිසාය..ඒ කතාවේ හැටියට වෘෂණ කෝෂයේ මහිමයෙන් මා ලද දරු ඵල සේම කරුණාරත්න අමරසිංහයන් සතු වාග් කෝෂයත් තිබුණා නම් කොපමණ වට්න්නේ දැයි මට සිතේ මෙහි මුලින් කී පරිදි මා "ජේ,ආර්,ජයවර්ධන චරිතය "ලියු කෘතියට කැමැති වුයේ ජේ.ආර්.ට අැති දේශපාලන ඇල්ම නිසා නොවේ.එම කෘතියේ ඇති තොරතුරු ,එය ලියා ඇති බස ,මෙන්ම කෘතියේ ගලා යාම මා සිත් ගත්තේය. එනමුත් කරුණාරත්න අමරසිංහයන්ගේ කෘතිය මාගේ හදවතේ ජේ.ආර්,ගේ කෘතියට තිබූ සියලු බැමි කඩා බිඳ දැම්මේ මහ ගංවතුරකින් ඇළවේලී බිඳ දමන්නාක් සේය.
ඉතිං ..පොත කියවා උද්දාමයෙන් මම මෙසේ කියමි.ඔබ" හිතක මතක".කෘතිය නොකියැවූවොතින් හොඳ පත්තරකාරයකු ද නොවේ. හොඳ සාහිත්‍ය ප්‍රේමියකු ද නොවෙි.කොටින්ම කියනවා නම් ඔබ හොඳ පාඨයකු ද නොවෙි..
(ප.ලි.මගේ බුකියේ මිතුරෙකු ලෙස සිටියද මම පෞද්ගලිකව විදර්ශන අධිපති ජනක ඉණිමංකඩ නොහඳුනමි. එසේ වුවත් කරුණාරත්න අමරසිංහයන්ගේ .කෘතිය ප්‍රකාශයට පත්කිරීම ගැන ඔහුට ද තුති.)