lan englan tam

Elon Musk ව නිහඩ කරපු Keanu Reeves ගේ කථාව!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කීනු රීව්ස්ව අපි දන්නෙ එයා කරපු අමතක නොවෙන සිනමා චරිත නිසා. නමුත් ඒ වගේම ප්‍රඥාව, මනුෂ්‍යත්වය, වගේම මිනිස් පැවැත්ම ගැන තේරුම් ගැනීමකුත් කීනුට තියෙනවා.

කීනු රීව්ස් ඊලන් මස්ක් එක්ක සජීවී සංවාදයක් කළා.

ඒ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ක්‍රියේටිවිටි සහ මානව සම්බන්ධතා ගැන. මේක ප්‍රතිවිරෝධයන්ගේ මුනගැසීමක් වගේ.

Collage Maker 18 Aug 2022 04.09 PM 770x435

අගහරුවල කොලනි හදන, Ai මගින් බලාත්මක අනාගතයක් වෙනුවෙන් වැඩ කරන මස්ක් කිව්වෙ මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් තාක්ෂණ දියුණුවේ වැදගත්කම.

කීනු කතා කලේ නැවතිල්ලෙ. සිතා බලමින්.

‘සමහර විට අපේ ඉලක්කය විය යුත්තේ ලෝකය පාලනය කිරීම නෙමෙයි, ලෝකය තේරුම් ගැනීමයි’

ඒ උත්තරෙන් ඊලන් මස්ක් නිහඩ වුනා.

Ai මගින් කවදා හරි මිනිස් නිර්මාණශීලීත්වය අභිභවා යයිද කියල අහද්දි මස්ක් ගෙ පිළිතුර පැහැදිලි එකක්. ‘ඔව්. ඒක කවදාහරි වෙනවා.

මැෂින් මගින් ආර්ට්, මියුසික් නිර්මාණය කරාවි. කතා කියාවි. අපිට වඩා හොඳට’

DALLE 2023 11 07 13

කැමරාව කීනුගෙ පැත්තට හැරුනා.

එයා මොහොතක් නිශ්ශබ්දව හිටියා. ඊට පස්සෙ කතා කළා.

‘ඒත් මැෂිමකට පුළුවන් වෙයිද කවදාවත් අහිමි වීමක හැගීම දැනගන්න?

නැත්තං වේදනාත්මක අත්දැකීමකින් සුන්දර දෙයක් නිර්මාණය වෙන්නෙ කොහොමද කියල දැනගන්න?’

නිර්මාණශීලීත්වය කියන්නෙ කැල්කියුලේෂන් එකක් නෙමෙයි. ඒක අත්දැකීමක්. වේදනාව, ආදරය, බලාපොරොත්තුව එක්ක ඇතිවෙන දෙයක්’

ස්ටුඩියෝව නිහඩයි. මස්ක් වුනත් නිහඩව බලාසිටියා විතරයි.

ඒ වචන තිරය ඉක්මවා ගියා. ‍සෝෂල් මීඩියාවල පැතිරිලා ගියා.

‘කීනු ස්ටුඩියෝව නිහඩ කළා පමණක් නෙමෙයි මනුෂ්‍යත්වය ගැන තේරුම් ගැනීමත් නැවත අර්ථකතනය කළා’ X වල කමෙන්ටු වැටුනා.

මනුෂ්‍යත්වය කියන්නෙ සාර්ථකත්වය හෝ කාර්යක්ෂමතාවය මත පදනම් දෙයක් නෙමෙයි. අපේ අසම්පූර්ණත්වය, ඉම්පර්ෆෙක්ෂන් එක මතම පදනම් දෙයක්.

2800

 

-Daniel Gugger 888-

(දළ පරිවර්තනය - චින්තන ධර්මදාස) 

(චින්තන ධර්මදාසගේ මුහුණු පොත ඇසුරිනි)

 

Back to top
Go to bottom