lan englan tam

පවුලේ තැනක් කියා රුක්මණියගේ සමරු ඵලකය කඩා දමයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ පළමු සහ අසහාය රංගන ශිල්පිනිය වූ ඩේසි ඩැනියෙල් හෙවත් රුක්මණි දේවිය භූමදාන කළ ස්ථානයේ රුක්මණිය මිය ගිය දින සිට 2007 වර්ෂය දක්වා පැවතියේ සාමාන්‍ය පස් ගොඩැල්ලක් බවත් ඒ වෙනුවෙන් කෝපි කඩේ රංගන ශිල්පීන් සහ අර්නස්ට් සොයිසා වැන්නන්ගේ සහභාගීත්වයෙන් අවසානයේ අනුස්මරණ ඵලකයක් නිර්මාණය කිරීමට හැකි වූ බවත් රුක්මණියගේ ගීත ගායනා කරන ශිල්පිනියක වන ශ්‍රියානි දිසානායක පසුගියදා ස්වර්ණවාහිනියේ වින්දනීය වැඩසටහනකට සහභාගි වෙමින් පැවසුවාය.

එසේ නමුත්, රුක්මණියගේ එම ඵලකය පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා කතාවක් හැටියට ඇය එහිදී හෙළි කළේ එසේ ගොඩ නැගූ අනුස්මරණ ඵලකය මීට වසර කිහිපයකට පෙර එම සුසානය පිහිටා ඇති පවුලේ සුසාන භූමියේ හිමිකරුවන් විසින් කඩා දමනු ලැබූ බවයි.
ඇය පැරණි නිළියක වීම හේතුවෙන් ඇය වෙනුවෙන් අනුස්මරණ ඵලකයක්
නිමවීමට අලුත් පරපුරට නොහැකි වන්නට ඇතැයි වැඩසටහන් පූරක වන අමිල අබේසේකර එහිදී පැවසුවද ඇය ඒ ආදීනව සිදු වූ සම්පූර්ණ ඛේදනීය කතාබහ මෙසේ ප්‍රකාශ කළාය.
"2007 වර්ෂයේ අපි ගිහින් එතුමියගේ (රුක්මණි දේවිය) අනුස්මරණ ඵලකයක් හැදුවා. එතුමියගේ චිත්‍රපට 90ම එහි කෙටුවා. නගර සභාවෙන් එහි රෑට ලයිට් දල්වනවා. හැබැයි ඛේදනීය දෙයක් වුණා. ඒ ඔවුන්ගේ පවුලේ සුසාන භූමියක් කියා එම ඵලකය කඩා දැම්මා. එඩී ජයමාන්න, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ සුසානත් එහි තියෙනවා. ඒ වෙනුවෙන් අපි උසාවි ගියා. අන්තිමේ ඔවුන්ට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි එම අයට නියෝග කළා. එවැනි ශිල්පිනියකට සලකන්නේ මේ විදිහට තමයි." ශ්‍රියානි දිසානායක එහිදී ප්‍රකාශ කළාය.

 

Back to top
Go to bottom