lan englan tam

පුවත්

මැඩගස්කර නොදියුණු සිනමාවේ දියුණු ප්‍රකාශනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Tabataba (1988)


ප්‍රංශ යටත් විජිතයක්ව පැවති මැඩගස්කරය දියුණු සිනමාවක් සහිත රාජ්‍යයක් නොවේ. එරටේ සිනමාශාලා ඇත්තේ ද අල්ප වශයෙනි මැඩගස්කරයේ වාර්තා හා කෙටි චිත්‍රපට කිහිපයක් නිපදවා තිබුණද එරටේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සැලකෙනුයේ රේමන්ඩ් රාජාඕනාරිටෙලෝ අධ්‍යක්ෂණය කල, 1988 වසරේ තිරගත වූ Tabataba චිත්‍රපටයයි. 1988 වසරේ කෑන්ස් සිනමා උළෙල නියෝජනය කරමින් එහි ප්‍රේක්ෂක සම්මානය (Prix du public) දිනා ගත්තේ එම චිත්‍රපටයයි.

Tabataba චිත්‍රපටයට පසුබ්ම් වී ඇත්තේ 1947 වසරේ මැඩගස්කරයේ දකුණු ප්‍රදේශයේ සිදුවූ නිදහස් අරගලයයි. ප්‍රංශ හමුදා මැඩගස්කරයේ ගම්මානයකට පැමිණි ආරංචිය සැලවූ වහාම මැඩගස්කර් තරුණයෝ පිරිසක් කැරැල්ලකට සැරසෙති. ප්‍රංශ හමුදාවන්ට අවශ්‍ය වන්නේ ජනතාවට බලයෙන්ම ජන්ද බලය ලබා දීමටයි. ගැමියන්ගෙන් පිරිසක් ජ්න්දයට කැමැත්ත ප්‍රකාශ කරන අතර තව පිරිසක් අරගලය කෙරෙහි විශ්වාසය තබති. මේ අතර ප්‍රංශ හමුදා අරගලය මැඩලීමට ගම්මානය කරා පැමිණෙති.
දියුණු සිනමාවක් නොමැති රටක අධ්‍යක්ෂ රේමන්ඩ් රාජාඕනාරිටෙලෝ ගේ මෙම චිත්‍රපටය මැඩගස්කරයේ සිනමාවට ප්‍රබල අත්තිවාරමක් යෙදූ නිර්මාණයකි..චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින් දායක වී ඇත්තේ එහි තිර රචනයයි. එසේම ජේදන බහුලව යොදා ගන්නා රූප රාමු පෙලකින් චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමයෙන් රඳවා ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වේ. සංගීතය චිත්‍රපටයේ භාවිතා වන්නේ අවම වශයෙනි. නමුත් ව්ත්‍රපටයේ අන්තර්ගතයට ගැලපෙන ලෙසින් අචල රූප රාමු හා නිහඬබව අධ්‍යක්ෂවරයා සාර්ථක ලෙස යොදා ගනී.
Tabataba වැදගත් වන්නේ නිසි ලෙස සිනමා කර්මාන්තයක් නොමැති රටකින් බිහිවූ ප්‍රබල ආත්ම ප්‍රකාශනයක් නිසාවෙනි. එය නිදහස ඉල්ලා හඬ නගන අසරණ ජන කොට්ඨාශයකගේ සිතුම් පැතුම් ලෝකයා ඉදිරියේ ගෙන හැර දක්වයි.

රුවින්ද කොල්ලුරේ - The Cinema People

Back to top
Go to bottom