ලාංකේය සිනමාවේ 78 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරනු ලැබූ සිනමා උළෙලේදී එළඹෙන බ්‍රහස්පතින්දා (ජනවාරි 16) සවස 4.30ට The Wild Goose Lake චිත්‍රපටය තිරගත කෙරේ.
කොළඹ 07, ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී සිනමා ශාලාවේදී චිත්‍රපටය තිරගත කිරීමට නියමිත චිත්‍රපටය පිළිබඳව විචාරාත්මක අදහස් දැක්වීම සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ විසින් සිදු කරනු ලබයි.
චීන සිනමාවේ හයවැනි පරම්පරාවේ සිනමාකරුවකු වන දියාඕ යිනෑන්ගේ හතරවෙනි සිනමා කෘතිය වන The Wild Goose Lake (2019) යනු දකුණු චීනය පදනම් කරගත් ක්‍රියාදාම චිත්‍රපටියකි. 2019 වසරේ කාන්ස් චිත්‍රපට උළෙලේ තරගකාරී අංශයේ තිරගත වූ මෙම චිත්‍රපටිය යිනෑන්ගේ සිව් වැනි සිනමා නිර්මාණයයි.
වසර දෙකක් පුරාවට තිර රචනය කළ The Wild Goose Lake චිත්‍රපටය නව චීන සිනමාව තේරුම් ගැනීම සඳහා මාහැඟි උදාහරණයකි. විශ්වාසය සහ පාවාදීම තේමා කරගත් මෙම චිත්‍රපටය සමකාලීන චීනය පමණක් නොව, මෙම යුගයේ ලෝකයේ පොදු අත්දැකීමක් සෞන්දර්යාත්මකව විනිවිදීමට ගන්නා උත්සාහයකි.
ඇතුළුවීම නොමිලේ.