සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ ජයග්‍රාහක ලෙස අජිත් බණ්ඩාර ජනප්‍රිය ගායකයා තේරී පත් වුණේ මීට වසර 20කට පමණ පෙරදීය.
එසේ වුවත් ජනප්‍රියත්වය අඩු නොවූ මෙම ගායන ශිල්පියාට පසුගියදා (10) ඔහුගේ අසල්වැසි පිරිසකගෙන් එල්ල වූ පිහි ප්‍රහාරයක් සම්බන්ධයෙන් බෝගමුව පොලිසිය විමර්ශන සිදු කරමින් තිබේ.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන හේරත්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් දී ඇති අතර අජිත් බණ්ඩාර කුරුණෑගල ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.
කිරිවවුල පිහිටි අජිත් බණ්ඩාරගේ නිවසට පැමිණ පහරදීම සිදුව ඇත. සැකකරුගේ පියා, සොහොයුරා හා එක්ව අජිත් බන්ඩාරට පිහි පහර මෙන්ම නිවසේ ස්ථානවලටද පහර දීම කර තිබේ.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර අජිත් බණ්ඩාරද පවසන්නේ පහරදීමට හේතුව සොයා පරීක්ෂණ පැවැත්වීම අත්‍යාවශ්‍ය බවයි.