lan englan tam

පුවත්

ගයාත්‍රීගේ වටිනාකම තේරෙන්න අවුරුදු 100ක්වත් යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ඊගෝ' කියන එක සුණු විසුණු කරන්න පුළුවන් හරිම තැනට තාත්තා අපිව යැව්වේ. තාත්තා ආපු ගමනේ මුල ගැන හංගපු නැති කෙනෙක්. අපි කාගේ හරි කිසිම කෙනෙක් නෙවෙයි. තාත්තා සනීප වුණොත් මම ලංකාවට එනවා කිව්වා. අපේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ කරපු තාත්තාට ඒක ඉෂ්ඨ කරන්න බැරි වුණා. ඒක අදටත් නිමාවක් නොමැති අභියෝගයක්."

පියකුගේ වටිනාකම ජීවිතයට කෙතරම් වැදගත් කාරණයක්ද යත් එකී කාරණය මෙම කථානායිකාවටද එවන් හිඩැසක් ඇති කරන අත්දැකීමක් වීම නොඅනුමානය. නමුත්, එම පියාම රටකට වටිනා පෞරුෂයක්ව තමන් අහිමි වීම පිළිබඳව තැවෙන ජනතාවක් අතරද යුග පුරුෂයෙකි. එවන් පියකු වෙනුවෙනි මේ දියනිය මෙහි කතා කරන්නේ. ඒ ශ්‍රී ලංකාවේ මහා ගාන්ධර්වයකු වන ආචාර්ය ප්‍රේමසිරි කේමදායන්ය. ඇගේ දියනිය ජාත්‍යන්තර තලයේ කටයුතු කරන සංගීතවේදිනී ගයාත්‍රී කේමදාස මෙවර 'මිරර් ආට්ස්' සංවාදයට එක් වූවාය.
"අපි තෝරාගන්න ඕන වෙනසක් කරන්න පුළුවන් තැනක්. ඔපෙරා 10ක් කරලා සංධ්වනි 100ක් ලියලා තියෙන එකද වටින්නේ, මම ලංකාවට ඇවිල්ල වෙනසක් කරන එකද වටින්නේ? සංගීතය උගන්වන තැන්වල අවුරුදු ගාණක් සංගීතය ඉගැන්නුවට එළියට එන කෙනෙක් නැහැ.
සමාජය තුළින් හය වතාවක් දූෂණය වන ගැහැනියව නැවත දූෂණය කරපු හත්වැනියා වෙන්න මට ඕන නැහැ. අපිට නොපෙනෙන දම්වැල් අපි හැමෝගෙම තියෙනවා. ගයාත්‍රීගේ වටිනාකම තේරෙන්න මිනිස්සුන්ට තව අවුරුදු 100ක්වත් යයි."
යනුවෙන් ඇය සංවාදයේදී පවසන්නීය.
ගයාත්‍රී මනෝහාරි හේවාවසම් සම්මුඛ වන සම්පූර්ණ සංවාදය 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව ඔස්සේ එළඹෙන සෙනසුරාදා නැරඹිය හැකිය.

Back to top
Go to bottom