ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි කටුදෙණිය මහතා වයස අවුරුදු 68 සපුරමින් සිටියදී පසුගියදා (28) ඇමරිකාවේදී අභාවප්‍රාප්ත විය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ හෙතෙම මාතලේ - කටුදෙණියේ උපත ලැබුවෙකි. ප්‍රවෘත්ති වාර්තාකරණය මෙන්ම විශේෂාංග රචනය තුළද විශේෂ හැකියා පෑ ඔහු වෘත්තීය ජීවිතය ආරම්භය 1980 වර්ෂයේ දවස පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස ආරම්භ කර තිබේ.
1981දී එම පුවත්පතේ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වී, පසුව 1986 වර්ෂයේ දිවයින පුවත්පතට සම්බන්ධ වී කටයුතු කර තිබෙන ඔහු චිත්‍රා රණසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අතර ජනිත සහ කල්පනා දරුවන්ගේ පියාණන්ද වෙයි.