ප්‍රවීන පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද දිමිත්‍රි ඇල්බර්තෝවිච්ගේ ‘බියන්කා’ කෘතිය දොරට වැඩීමේ උත්සවය එළඹෙන මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා පස්වරු 03.00 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

එදිනම ‘බියන්කා’ මුල් කෘතියේ රුසියානු ලේඛක දිමිත්‍රි ඇල්බර්තෝවිච් ලියවෝව් සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා.
සංස්තික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, රුසියානු තානාපති ලෙවාන් ජයරියාන් මහතා සහ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මරියා පපෝවා මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

මෙම උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්තික කටයුතු අමාත්‍යංශය, කොළඹ රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය එක්ව සංවිධානය කරයි.
මෙම අවස්ථාවට සහභාගී වන ලෙස රුසියානු සාහිත්‍යට උනන්දුවක් දක්වන ඔබ සැමට රුසියානු සාහිත්‍ය කවය ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.