හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (20) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කොට ප්‍රතිකාර කිරීමට කටයුතු කළා.
ඇයට ආශිර්වාද පතා පසුගිය දිනවල, දිවයින පුරා නොයෙකුත් ස්ථානයන්හි කලා කරුවන් ඇතුළු ඇගේ රසිකයන් ආගමික පුජාවන් ද පැවැත්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් සියලුදෙනා වෙත කෘතඥතාවය පළ කළහ.
පසුගිය දිනවල ඇයට සුවය පතා දිවයිනේ නොයෙකුත් ස්ථාන වලදී කලාකරුවන් හා ඇගේ රසිකයන් විසින් ආගමික පූජාවන් ද පැවැත්වූ අතර, ඒ පිළිබඳව ඇයගේ පවුලේ ඥාතීන් එම සියලු දෙනා වෙත කෘතඥතාවය පළ කරනු ලැබුවා.