ඔන්න, සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් ලැයිස්තුවේ 5 වෙනි තැනට එන්න Ne Zha 2 සමත් වෙලා තියෙනවා.....
ඒ, ඩිස්නි සමාගමේ "Star Wars: The Force Awakens" නිර්මාණයත් අභිබවා යමින්.
එමෙන්ම, තනි වෙළඳපොලකින් ඇ.ඩො බිලියන 1ක් උපයා ගත් ලොව පළමු චිත්‍රපටය, බිලියනයක වාර්තාවකට හිමිකම් කියූ ලොව හොලිවුඩ් නොවන චිත්‍රපටය සහ ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය ලෙස ද "Ne Zha 2" ඉතිහාසයට එක් වනවා.
මීට කලින් Ne Zha 2 චිත්‍රපටය Avengers: Infinity War සහ Spider-Man: No Way Home චිත්‍රපට වල ආදායම් වාර්තා පහුකරන් ගියා....
මේ වෙනකොට Ne Zha 2 චිත්‍රපටය ඩොලර් $2,089,780,312 ක ආදායමක් උපයාගෙන තිබෙන බවයි ආදායම් වාර්තා මගින් පෙන්වා දෙන්නේ.
මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වූයේ පසුගිය ජනවාරි මස 29 වැනි දා, එනම් චීන අලුත් අවුරුදු දිනයි.