පසුගියදා, (මාර්තු 20 වෙනිදා), රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී යෙදී තිබුනේ රුසියානු ලේඛක දිමිත්‍රි ලිහනොව්ගේ “බියන්කා” කෘතියේ සිංහල පරිවර්තනය එළිදැක්වීම හා ඊට සමගාමීව පැවැත් වූ සංවාද මාලාව වෙනුවෙනි. මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේ මහින්ද සෙනරත් ගමගේ විසිනි.
මෙම අවස්ථාවේදී ප්‍රවීන පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ රුසියානු ළමා සාහිත්‍යය පදනම විසින් පිරිනැමෙන ලියෝ ටෝල්ස්ටෝයි රන් සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂී අවස්ථාවක් වූවා. ඔහුට මෙම සම්මානය ප්‍රධානය කෙරුනේ රුසියනු ලේඛක දිමිත්‍රි ලිහානොව් අතිනි.
මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ද එතුමායි.
පහතින් දැක්වෙන්නේ ප්‍රවීන ලේඛක චූලානන්ද සමරනායක විසින් මහින්ද සෙනරත් ගමගේ වෙනුවෙන් සිය මුහුණු පොතේ තබා තිබූ සටහනකි.
(උපුටා ගැනීම)
“සමාජ විප්ලවයක් ගැන සිහින දැකීම පහසුය, සරලය. අසීරු නොසැලී ඒ වෙනුවෙන් සටන් වැදීමය.
විශේෂයෙන්ම තම පෙරමුණ අහිමිවන සටනෙහි රැඳී සිටීම අණ සියල්ලටම වඩා අසීරුය.
එවන් අවස්ථාවකදී බොහෝ අයගේ විකල්පය වනුයේ පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කෙටි පහසු සහ ඉක්මන් මං සොයා සමාජයට වෛරකිරීමේ මාවතට පසු බැසීමය. හෙවත් වැල යන අතට මැස්ස ගැසීමය.
මහින්ද සෙනරත් ගමගේ අයත් වනුයේ පහසු මං සොයා තම අරමුණ පාවා නොදුන් මිනිසුන් අතරටය.
ඔහු තම පෙරමුණ අහිමි වෙද්දී අරමුණ දිනන්නට පන්හිඳ තෝරා ගත්තේය.
නොසැලී එ මගෙහිම ඉදිරියට ගියේය.
ඊයේ රුසියානු ළමා අරමුදලේ ප්‍රධානත්වයෙන් ලියෝ තෝල්ස්තෝයි රන් සම්මානයෙන් ඔහු පුද ලබන්නේ එහෙයිනි.
ඔහු ලේඛකයාගේ වගකීම කවරක්දැයි සිය භාවිතාවෙන්ම ඔප්පු කලේය.
හේ මිනිසෙකි, සටන් සගයෙකි, සැබැවින්ම සමාජයට ආදරය කරන්නෙකි.
ජය!.”
https://casite-737679.cloudaccess.net/news/10767-2025-03-22-12-35-29#sigProId4fb20fa271